5

16 5 0
                                    

කුකී උනන්දුවෙන් පින්තූර පරීක්ෂා කළ නමුත් ඔහුගේ ප්‍රකාශය කල්පනාකාරී විය. "ඒවා මැකුණොත් ලිලී, ඒ කියන්නේ මතකයත් මැකෙනවා කියන එකද? මම කරපු හැම නිර්මාණයක්ම මට ප්‍රතිනිර්මාණය කරන්න පුලුවන් ..ඒවා ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්ද? ඔයා මුල් පින්තූරයේ තිබුණ හැඟීම්වලින්ම ඒවා ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්ද ලිලී ?"

කුකීගේ ප්‍රශ්නවල බරින් ඇගේ හදවත බර වූ ලිලී නැවතුණාය. පින්තූර මගින් අවස්ථා ග්‍රහණය කර ගන්නා අතරම, ඇය රඳවා තබා ගැනීමට ආශා කළ හැඟීම් සහ අත්දැකීම්වල ගැඹුර සම්පූර්ණයෙන් සංග්‍රහ කළ නොහැකි බව ඇය තේරුම් ගත්තාය.

"නෑ, කුකී," ලිලී පිලිගත්තා "පින්තූර වල මොහොතක් රදවගන්න පුලුවන් . ඒත් ඒවා එක්ක ඇති වෞනහැඟීම් ප්‍රතිනිර්මාණය කරන්න බෑ. පින්තූර නැති උනාම, ඔවුන් තුළ ඇති මතකයනුත් නැති වෙනවා. ඒත් ඒවා හදවතේ රැදෙනවා"

කුකී ප්‍රතිචාර දැක්වීමට පෙර ඇගේ වචන මොහොතක් කල්පනා කළේය, ඔහුගේ කටහඬ කුතුහලයෙන් පිරී ගියේය. "ඉතින් ලිලී, ඔයාට රඳවා ගන්න ඕන මතකයන් මොනවද? "

ලිලී කුකීගේ උනන්දුවෙන් දෑස් දෙස බැලූ විට, පැහැදිලි බවක් ඇයව සෝදා හරින බවක් ඇයට දැනුනි. " ආපහු බලද්දි සතුටු වෙන්න පුලුවන් , මම ජීවත් වෙනව කියන එක දැනුන මතක මට හදාග්ගන්න ඕන කුකී . මන් ගාව එහෙම මතකයන් තිබුනා .ඒත් ඒ කිසිම මතකයක පින්තූරයක් මන් ලග නෑ . මොකද මන් වැඩියෙන්ම ආදරය කරපු මිනිස්සු එක්ක ඉද්දි පින්තූර ගන්න එක පවා අමතක වෙලා ගියා ."

කුකීගේ අවබෝධයෙන් යුතුව හිස නැමුවා

" පසු තැවෙන්න එපා ලිලී . ඔයා මොනවම හරි ඉගෙන ගත්තා . ජීවිතේ පුන්චි දේවල් වලින් සතුටු වෙන්න . මොකද දවසක ඔයා අපහු බලද්දි , ඒ පුන්චි දේවල් විශාලයි කියලා තේරේවු" . ගමනෙහි අරමුනම මේක නෙවෙයි කියන්න තේරුම් ගත්ත කුකී එහෙම කියන ගමන් තමන්ගේ හුරතල් රතු පැන්ඩා නැත්ට්ජම් ෆින්ව ලිලීගේ කකුල් දෙක මත තැබුවා .

" මන් ගිහින් එනකන් ලිලීව හදට එක්කන් යන්න ෆින් !!!" පුන්චි සතාට අවවාද දෙන ගමන් ජන්කූක් මොකක්දෝ හේතුවකට කැලේ අස්සට දුවගෙන ගියා .

විනාඩි කිහිපයකට පස්සෙ ලස්සන මල් එක්කම විස සහිත මලුත් කුකී උස්සගෙන එද්දි ලිලීගේ අඇස් ලොකු වෙලා ගියා

" කුකී නියගලා විසයි . විසික් කරන්න ! " කෙල්ල කෑ ගහනවා එක්කම කොල්ලා ඒ මලම තමන්ගේ අතට ගත්තා . කිසිම හැගීමක් නැතුව ඒ මල හරවා හරවා බලන්න ගත්තා . එතකොටයි ලිලීට තේරුනේ .

එයා පුන්චී . එයාට අත්දැකීම් නෑ . එයා බය වෙන්න ඕන අවස්තා සහ නොවෙන්න ඕන අව්ස්තා තෝරන්න දන්නෙ නෑ . ඉතින් කෙනෙක්ගෙ බැල්ම යටතේ නොහිටියොත් එයත් අනාරක්ශිතයි .

බිය යනු ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්ද, අනතුරු වලින් අපව ආරක්ෂා කරන අනතුරු ඇඟවීමේ ලකුණක්ද, නැතහොත් එය හුදෙක් ලෝකය උපරිමයෙන් අත්විඳීමට අපව වළක්වන බාධකයක් දැයි ඇයට සිතීම වළක්වා ගත නොහැකි විය ..

Take Her To The Moon , For Me ?Where stories live. Discover now