කුකීගේ වචන එක්ක මන් අඇස් පියා ගත්තට දැනුන සීතල හුලග එක්ක මන් අඇහැරුනේ පරන සෙල්ලම් උදයානයක . මමයි කුකියි පුන්චි කාලෙ සෙල්ලම් කරපු තැන .
" අඇ අඇයි මෙ .. ක් කොහොමද ? " ලස්සන මතක ආපහු එද්දි වචන කැඩි කැඩී කෙල්ල කතා කරන්න ගත්තා . ඊටත් වඩා කෙල්ලට හිතුනේ කොහොම මේ තැන පාලුවට ගියාද කියන එකයි
" ලිලී කැමතිද සෙල්ලම් කරන්න . කලින් වගේම ? " කොල්ලා අඇහුවා .
" හැම එකක්ම බෑ . සමහර ඒවා කරන්න තවමත් ආසයි. ඒත් අනිත් අය මොනවා නොකියයිද " කෙල්ල කියනවා එක්කම කොල්ලා හිනාවෙන්න ගත්තා.
" ඔයා විතරක් නෙවේ ලිලී මේවට තවම ආසා . ඔයා ආසයි නම් ඒ දේ කරන්න , මිහොතකට ලෝකෙම පැත්තකින් තියලා . හරියට අපි දෙන්නා පුන්චි කාලේ හදට යන්න විදි හොයද්දි , ඒක කරන්න බෑ කියලා අම්මා කිව්වට ඒ කාගෙවත් කතා වලට අඇහුන් කන් දුන්නෙ නෑ වගේ .
ණැත්තම් ඔයා පස්සෙ පසු තැවේවි පුලුවන් කාලේ ආස දේවල් කරේ නෑ නේ කියලා . මොකද මන් ඔයාගෙන් ඉගෙන ගත්තා .. අපි එකම දේට හැමදාම ආස වෙන්නෙ නෑ කියලා " කොල්ලා එහෙම කියන ගමන් හිනා උනාට කෙල්ලගෙ මූන දුකෙන් පිරිලාබ්ගියා. ඊටත් වඩා කුකීගේ අලුත් කතා විලාසය කෙල්ලව පුදුම කරා
" මන් හිතන්නේ ...මන් දැන් දන්නවා .. මන් දන්නවා ඔයාගේ ප්‍රශ්නේ ලිලී " ටික වෙලාවක් ලිලීගේ කැලඹුන මූන දිහා බලන් හිටපු කුකී කියන්න ගත්තේ සුලග එක්ක එහෙ මෙහෙ යන කොන්ඩ කැරලි වලට ඕන තරම් දග කරන්න ඉඩ දීලයි.
" මොකක්ද ? මොකක්ද මගෙ ප්‍රශ්නෙ ? " කෙල්ල අඇහුවේ සන්සුන්ව
" ඔයා අලුත් වැඩිහිටියෙක් ලිලී . පුන්චි කාලේ කරපු හැමදේකින්ම ලැබුන සතුට ඔයා දැන් ඒ දේවල් කරාට දැනෙන්නේ නෑ . හරියට ඔයා ඒ කාලේ සම්පූර්න රෝස පාට අඇන්දට දැන් සම්පූර්න රෝස පාට දැක්කත් එපා කියනවා වගේ . ඉතින් ඔයා ඒක ගැනයි දුක් වෙන්නෙ. වෙනස් වීම ගැන ..
ප්‍රශ්නේ ලොකු උන එක නෙවේ ලිලී . ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයා හිතන විදිහෙයි . පියෝනි මල කිව්වා මේ ලෝකෙ කිසිම නීතියක් නෑලු අපිට දැනෙන්න ඕන එකම හැගීම සතුට කියලා . අපිට දුක දැනෙන්නම ඕනේලු සතුට කියන එක අදුරගන්න . ' ඒ වචන එක්ක කොල්ලා හිමින් ලිලීගේ මූනට තමන්ගෙ අත ගෙනිච්චා
YOU ARE READING
Take Her To The Moon , For Me ?
Fanfiction" ක් කුකී.. ඔයාගේ සිතුවිලි ගැඹුරු වෙනවා. මම හිතන්නේ ඔ ඔයා ලොකු වෙනවා. " " ඒ මම නෙවෙයි ලිලී . ඒ ඔයාමයි ..."