7

18 5 0
                                    

විශාල හෙවනැලි පොලෝ තලේ එක්ක සටන් කරන අතරතුරේඑමන් හිටියේ පිදුරු ගොඩක් ලග . අවුරුදු පහකට පෙර ආවට පස්සේ අද පලවෙනි වතාවට  කැලයේ මේඑකොටසට එද්දි මට අමුතු හැගීනක් දැනුනා

ඒක අමුතු නැද්ද . දවස ගානේ වෙන හැම දේම එක වගේ . කිසි වෙනසක් නෑ . ඒත් අපි ආපහු  හැරිලා බලද්දි හැමදේම වෙනස් වෙලා .

කුකී මාව අඇදගෙන ගියේ ගහක් උඩට . කාලෙකට පස්සේ පුන්චි කාලේ දැනුන හැගීමම දැනෙද්දි ගහේ උඩ අත්තක මාව ඉන්දවපු කුකී පහලින් පෙනෙන පිදුරු කන්ද පෙන්නුවා .

" ලිලී පනිමුද ? " එයා අහද්දි මන් හයියෙන් ටොක්කක් අඇන්නා .

" ඕක පනින්න බැ . මොනව හරි උනොත් " මන් කියනකොට එයා මාව කන්න වගේ ටික වෙලාවක් බලන් ඉන්න ගත්තා

" ලිලී දන්නවද? සමහර වෙලාවට බය උනාම ලස්සනම දේවල් දකින්න බැරි වෙනවා . විශ්වාස කරන්න . වැටෙන එකත් ලස්සනයි " කියලා තප්පරයක් යන්න කලින් මගේ අතෙන් ගිලිහුන කුකී සුලගේ වේගෙට සමාන වේගයකින් පිදුරු ගොඩඩ වැටුනා

බය එක්ක කැරකිල්ලට වගේ ආවත් හිනා වෙවී ඉන්න කුකී දැක්කම මගේ බය නැති වෙලා ගියේ හරියට ජල රැල්ලක් වගේ

" වැටෙන්න ලිලී . පොරොන්දු  වෙනවා කිසි දෙයක් වෙන්නෙ නෑ කියලා "

" බලන්න වැටෙනකොට ලෝකය අලුත් විදිහට දකින්න පුලුවන් . අඇයි ඔයා මේතරම් කල් බය උනේ ? " කුකී අහනවා එක්කම ලොකු හුස්මක් අරන් මන් අනිත් පැත්තට මාවම වැටෙන්න ඉඩ සැලැස්සුවා

උඩින් පෙනෙන ගස් මගේ මට්ටමින් පියාබන සමනල්ලු එක්ක සුලග තදින්ම වදිනකොට  තවත් පාරක් අත්දකින්න හිතෙන විදිහේ ලස්සනට ලෝකය මන් දැක්කා . මන් වැටෙන්න බය උනේ අඇයි  මේ තරම් ලස්සනට දේවල් දකින්න පුලුවන් නම්.?

අවසානෙට පිදුරු ගොඩ එක්ක මාව ගැටෙනවා දැනෙද්දි  හිමින් හිමින් නැගිටින්න පටන් ගත්තා

" මේක තමයි කුකී මන් කියන්නේ ලමා කාලය ලස්සනයි කියලා වැඩිහිටි කාලෙට වඩා . කිසි බයක් නෑ ලස්සන අත්දැකීම් විතරයි" මන් එහෙම කියලා හිනා වෙනකොට කුකී එයාගේ ෆින් ව අතගාන ගමන් මන් දිහා බැලුවා .

" ලිලී දන්නවද ? මට නියගලා ගැන කිසි ගානක් තිබුනෙ නෑ . ඒක විසයි කියලා ඔයා කියනකන්ම . අනාරක්ශිත දේවල් වලින් රිදවෙනවා කියලා මන් දැනන් හිටියෙත් නෑ . සමහර විට .. සමහර විට සමහර දේවල් වලදි අපි බය වෙන්න ඕන අඇති "  කොල්ලා කියන්න ගත්තේ කට උල් කර කරයි

" අඇයි කුකී එහෙම කියන්නේ ? " කෙල්ල අහන්න ගත්තේ පුදුමයකින් . ඊටත් වඩා කුකී දෙන උත්තරයෙන් ගන්න මොනවම හරි දෙයක් තියේවි කියලා කෙල්ල බලාපොරොත්තු  උනා

Take Her To The Moon , For Me ?Where stories live. Discover now