ආය හැරෙන්නෙ නැ කියල හිතුවත් බබා අඩනව බලන් ඉන්න බැරි වුන ටේහ්යුන් ආපහු හැරිලා බබා ලගට ඇවිත් අත් දෙක දිගු කරද්දි බබා කදුලු අතරින් අහිංසක විදිහට හිනා වෙලා ටේහ්යුන් ගෙ අත් වලට පැන්නෙ මොහොතකට ටේහ්යුන් ගෙ හදවත නතර කරමින්. එ වෙලාවෙ ටේහ්යුන් ගෙ හිතට අමුතු හැඟීමක් බබා ගැන දැනුනෙ. හරියට එයාගෙම ලෙ වලින් උපන් දරුවෙක් එයාගෙ අත් අතරට ආවා වගේ.
සෝහටත් එහෙමයි. මෙච්චර වෙලා එ චූටි ඇස් වලින් කදුලු වැටෙනකන්ම අඬලා ටේහ්යුන් ගෙ අතට ගියා විතරයි එ චූටි මූනට ලස්සන හිනාවක් ආවා.
" ඇයි මගෙ මැණික අඬන්නේ... ම්ම්ම්ම්..."
ටේහ්යුන් බබාගෙ ඇස් වල පිරිලා තියෙන කඳුලු එයාගෙ අතින් පිහ දාලා බබාගෙ ඔලුවට හාදුවක් දුන්නෙ පැටියව එයාගෙ ඇගට තුරුල් කර ගන්න ගමන්.
පැටියා අඬලා අඬලා ටේහ්යුන් අතේ හිනා වෙවී ඉන්නව බලාගෙන ඉද්දි ජන්කුක්ගෙ ඇස් වලටත් ඉබේම වගේ කදුලු ඉණුවා.
පැටියව හුරතල් කරලා නිකමට වගේ ටේහ්යුන් ජන්කුක් දිහා බලනකොට දැක්කා ජන්කුක් ඇස් වල කදුලු පුරෝගෙන බබා දිහා බලන් ඉන්න විදිහ.
" ජන්කුක් ඇයි ඔය ඇස් වල කඳුලු.. ම්ම්ම්..."
" ආහ් නැ නැ ඩොක්ට මේ නිකන්.."
ජන්කුක් ඉක්මනට එයාගෙ අත් දෙකෙන් කදුලු පිහ ගත්තා.
"ජන්කුක් එහෙනම් මම දැන් යන්න ඕනි. බබා දැන් අඩන්නැනෙ. ආය වොලට් එක නැති කරගන්න එපා හොද ද.."
ජන්කුක් ඇස් වල කදුලු පුරගෙන ඉන්නව දැකලා ලොකු හුස්මක් ගත්ත ටේහ්යුන් එහෙම කියල බබාව ආපහු ජන්කුක් අතට දීලා යන්න හැදුවෙ ජන්කුක්ගෙ ඇස් වල කදුලු දකිද්දි එයාට තේරුනා තවත් මෙතන රැදුනොත් එයාගෙ හිත මෙල්ල කරගන්න එයාට ගොඩාක් අමාරුයි කියලා.
ඒත් බබා ටේහ්යුන් ගෙ අතින් ජන්කුක්ගෙ අතට
ගියෙ නෑ. බබා ටේහ්යුන් බදාගෙන ආපහු අඬන්න ගත්තා." හරි හරි මැණික මම යන්නෙ නෑ..."
ටේහ්යුන් ආපහු බබාව ඇගට තුරුලු කරගත්තෙ ජන්කුක් දිහා බලාගෙන. ජන්කුක් අසරණ විදිහට ටේහ්යුන් දිහා බලාගෙන හිටියේ.
YOU ARE READING
Is It A Dream? ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)
Fanfictionඒක සංසාර ගත හමුවීමක් ද ?? ⛔⛔ Don't Copy My Work ⛔⛔ Top Tae Bottom Kook ➡️ Just fan fiction