ටේහ්යුන් එයාගෙ අපාර්ට්මන්ට් එකට ඇවිත් ටෑන්වත් ගොඩාක් වෙලා හුරතල් කරලා වොශ් දාගෙන රූම් එකෙන් එලියට ආවෙ රෑ කෑම හදන්න හිතාගෙන. ඒත් උනේ හීනෙකින්වත් නොහිතපු දෙයක්.
" ආහ්හ්.... ජන්කුකී...... "
රූම් එකෙන් ඇවිත් කිචන් එකට ඇතුල් වෙනවත් එක්කම ටෑන් pee කරලා තිබිලා ඒවා පෑගිලා ලිස්සලා රවුම් තුන හතරක්ම පෙරලිලා ගිහින් වැටුන ටේහ්යුන් නතර වුනේ බිත්තියෙක එයාගෙ අත හයියෙන් වැදෙද්දි.. කොහොම හරි එයා අන්තිමට හිටියේ බිත්තියෙ වැදුන අත එයාගෙ ඇගට යටවෙලා නැගිට ගන්න බැරුව. ටේහ්යුන් ට දැනුනෙ එයාගෙ මුලු ඇඟම හිරි වැටිලා වගේ.
ටේහ්යුන් ට එවලෙ එයාගෙ හිතට ආවෙ ජන්කුක්ගෙ නම විතරමයි. එයා කොච්චර හයියෙන් කෑ ගැහුවත් එයාගෙ හඬ නම් ජන්කුක් ට තියා කාටවත් ඇහුනෙ නෑ.
ටේහ්යුන් දැක්කා බිම දිගට ලේ පැල්ලම් වගේම එයාගෙ ඇඟ පුරාමත් ලේ තැවරිලා තියෙනවා. ටේහ්යුන් ගෙ කම්මුල දිගේ දියරයක් වැනි දෙයක් ගලාගෙන එනවා දැනුන නිසා එයා හිමින් සැරේ අනිත් අතෙ පිටි අල්ලෙන් අල්ලල බලද්දි අත පුරාම තිබුනෙ ලේ. එයාගෙ ඇහැ ලග තුවාල වෙලා. එ විතරක් නෙවෙයි එයා ඇදගෙන හිටපු කලිසමේ දනහිස් හරියෙන් තෙත් වෙලා තෙත පැල්ලම් තිබුනේ එයාගෙ දනහිස් දෙකත් තුවාල වෙලා ලේ ගලමින් තියෙන නිසා. පහු ගිය ටිකේ එයා හරියට කෑමක්වත් නොගෙන ඇල්කොහොල් එක්කම ජීවත් වෙලා තිබුණ නිසා එයාගෙ ඇඟේ ශක්තියත් පිරිහිලා ගිහින් තිබුනෙ.
අසරණ ටේහ්යුන් අපාර්ට්මන්ට් එකේ මුලු ඇඟමත් තුවාල කරගෙන බිම වැතිරිලා හිටියත් එයාගෙ උදව්වට කවුරුත් නෑ.
එයාගෙ සිරුරෙන් ලේ ගොඩාක් වෑහෙන බව දැන ගත්ත ටේහ්යුන් රූම් එකට යන්න හිතුවෙ තවත් මෙතන ඉන්න එකෙන් වෙන්නෙ එයාගෙ ශක්තිය එන්න එන්න හීන වෙන නිසා. ඒත් එයා දකුණු අත හොලවන්න හැදුවත් එයාට එ අත හොලවගන්න බැරි වුනා. එයාට එ අතින් දැනුනෙ පුදුමාකාර වේදනාවක්. එයා දැනගත්තා ඒ අතට නම් බරපතල දෙයක් වෙලා තියෙන බව. එයා අනිත් අතින් පොලොව අල්ලගෙන හිමින් හිමින් නැගිටලා බිත්තියට වාරුදෙමින් හිමින් සැරේ රූම් එකට ඇවිත් සුගාට කොල් එකක් ගත්තා.
STAI LEGGENDO
Is It A Dream? ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)
Fanfictionඒක සංසාර ගත හමුවීමක් ද ?? ⛔⛔ Don't Copy My Work ⛔⛔ Top Tae Bottom Kook ➡️ Just fan fiction