31

922 135 10
                                    




දවස් දෙකකට පසුව..


හිතපු නැතිවෙලාවක එක පාරම වෙච්ච සෝහගෙ වියෝවෙන් හැමෝම හිටියෙ මානසිකව කඩන් වැටිලා..  ජන්කුක් ටේහ්‍යුන් ජිමින් ජින් මෙ තුන් හතර දෙනා හරියට කෑමක් ගන්නෙවත් නැති තරම්. හැමෝම බලාගත්තු අත බලාගෙන. ජන්කුක් දැන් ජීවත් වෙන්නෙ බෙහෙත් බලෙන් කීවොත් හරි.. එයාට එ වෙච්ච දේ තාමත් හීනයක් වගේ.. ජිමින් සුගා මෙ දවස් ටිකෙ ඉන්නෙත් ජන්කුක්ලා ගාවින්..

ජන්කුක් හැමදාම උදෙට ඇහැරිලා සෝහගෙ කිරි එක හදලා ගෙනැල්ල තියනවා රූම් එකෙන් නිවෙන්න.. ඒක පහුවද වෙනකන්ම මේසයක් උඩ ඇල් වෙලා.. එ විතරක් නෙවෙයි සාලෙ පුරා සෙල්ලම් බඩු අතුරගෙන බලන් ඉන්නවා සෝහා එයත් එක්ක සෙල්ලම් කරන්න එනකන්.. හැමෝම ජීවත් වෙන්නෙ අසිහියෙන් වගේ. ටේහ්‍යුන් දැන් හොස්පිට්ල් එකට යන්නෙත් නැ. එයා ඉන්නෙ ලොකු කම්පනයකින්. එයාටත් ඒකට බෙහෙත් බොන්න වෙලා..

මෙච්චර සතුටින් මෙච්චර හොඳට හිටපු පුන්චි පවුලට මොකක්ද මෙ එක පාරටම උනේ.. එයාලා ජීවිතෙ පටන් ගන්න හැදුවා විතරයි..

" ජන්කුක් මෙ කිරි එක බොන්නකො.. බෙහෙත් ටික බොන්න එපැයි "

ටේහ්‍යුන් අසිහියෙන් වගෙ ගිහින් කිරි එකක් හදන් ඇවිත් සාලෙ කෙලවරකට වෙලා වාඩි වෙලා කකුල් අස්සෙන් මූන තියන් ඉන්න ජන්කුක් ගාවට ඇවිත් කිරි එක දුන්නා..

" ජන්කුක් නැගිටින්නකෝ... කෝ හොඳ ලමයා වගෙ කියාන එක අහන්නකො"

" ඇයි මං ඕවා බොන්නෙ ඇයී.... මඟෙ පන ටික මං ගාව නැතුව මම තවත් ඕවා බීලා මම ජීවත් වෙන්නෙ ඇයී...."

ජන්කුක් ඔලුව බිත්තියට හේත්තු කරගෙන  හයියෙන් අඬන්න ගත්තා.

" ඒත් ජන්කුක් ඔයා ජීවත් වෙන්න ඕන ඔයත් ඔහොම නොකා නොබී ඉදල ඔයා ලෙඩ උනාම හ්‍යුන්ග්ට මොකද වෙන්නෙ... ම්ම්ම්... මගෙ හොඳ රත්තරන් වගෙ මේක බොන්නකො.."

" හ්‍යුන්ග්ග්...."

ජන්කුක් එක පාරටම ටේහ්‍යුන් ව වැලඳ ගත්තා..

" හ්‍යුන්ග් ඇයි හ්‍යුන්ග්ලට මගෙ පන ටිකව එදා බේරගන්න බැරි උනේ... මගෙ අහිංසකයා ට එදා එච්චරටම රිදිලද හ්‍යුන්ග්.. "

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Where stories live. Discover now