02

134 23 0
                                    

ජිමින් ඇත්තටම නැටුම්වලට හරිම ආසයි. ඒත් ජිමින්ට නැටුම් එපාවුණේ කපල් ඩාන්ස් කරද්දි.

ඒකට හේතුව?

මොකද ජිමින් කොටයි!

ජිමින් කොච්චර කොටද කිව්වොත් එයා හැමදාම ඩුවට් එකක් කරල ඉවරවෙද්දි බෙල්ල රිදෙන්න ගන්නවා.

මොකද ඉතින් තමන්ගෙ පාට්නර් එක්ක නටද්දි එයාගෙ මූණ දිහා බලාගෙන එහෙමනෙ නටන්න ඕනි.

ජිමින්ගෙ වාසනාවට ද අවාසනාවට ද මන්දා ජිමින්ට හැමදාම නටන්න හම්බුණු අය පොල් ගස් ගිලපු ඈයො වුණා.

ඉතින් ඒකෙන් වුණේ අහිංසක ජිමින් හැමදාම නැටුම් පීරියඩ් එකෙන් පස්සෙ සික් රූම් එකට දුවන එක සික් රූම් එකේ හිටපු නර්ස්ටත් හුරුපුරුදු දෙයක් වුණු එක.

ඔව් ඉතින්... සූබින්, නම්ජූන්, යොන්ජුන්, ජින්, හෝසොක් වගේ මිනිස්සුත් එක්ක කොටට කොටේ ඉන්න ජිමින් නටද්දි!

හරිම අගෙයි!

ඒත් අදනම් එහෙම වෙන එකක් නෑ වගේ.

පටන් ගද්දිම භූමි වන්දනාව කරලම පන්තිය ඇතුළට ගියපු ජිමින්ට නවතින්න වුණේ කවුරුහරි එයාගෙ කරෙන් අත දාගනිපු නිසා.

එකපාරට වුණු දෙයින් පුදුම වුණු ජිමින් එයාගෙ ටීක්බෝල ඇස් දෙකත් ලොකු කරගෙන ඒ ආපු කෙනා දිහා බැලුවා.













කවුද ඒ කෙනා?

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now