06

100 17 3
                                    

ටික වෙලාවකින් මියුසික් එක පටන් ගත්තා.

වේග රිද්මෙන් පටන් අරන් ටිකින් ටික වාදනේ වේගේ අඩුවෙද්දි ඒකට ප්‍රතිලෝම සමානුපාතිකව ජිමින්ගේ හාට් එක ගැහෙන වේගෙනම් වැඩි වුණා.

ජීවිතේට කවදාවත් නොදැනුණු විදියෙ අමුතු හැඟීමකින් මුළු ඇඟම හිරිවැටිලා යද්දි ජිමින්ට එයාගෙ දණිස් පණ නැතුව යනවා දැනුණා.

ජිමින්ගෙ ඇස් දිහා කෙලින්ම බලන යූන්ගිගෙ ඇස්...

ඒ ඇස් දෙක ජිමින්ගේ මුළු ආත්මෙම හොල්ලලා දැම්මා වගේ.

"ෆෝකස් ජිමින්!! ෆෝකස්!!"

තමන්ගේ හිත ඇතුළෙන් ඇහෙන සද්දෙට කන්දෙන ගමන්ම ජිමින් එයාව සන්සුන් කරන්න ලොකු උත්සාහයක් ගත්තා.

ටික වෙලාවකින් මියුසික් එක ඉවර වෙද්දි ජිමින්ගෙනම් හොඳ පණ ගිහින් තිබුණේ.

"හරි ළමයි... අපි බලමු දැන් රිසාල්ට් එක!"

සර් එහෙම කියද්දි යූන්ගි ජිමින්ගේ අතක් අල්ලගත්තා.

"බයවෙන්නෙපා, අපි දිනයි!"

ජිමින්ගේ හිත අදුරගත්තා වගේ යූන්ගි ජිමින්ගේ කනට මුමුණද්දි ජිමින්ව රතු වෙලා ගියා.

"පළවෙනියට... නම්ජූනුයි ජිනුයි"

සර් එහෙම කියද්දි මුළු පන්තියම අත්පුඩි ගැහුවා.

"ඊළඟට... හෝසොකුයි ජැක්සනුයි"

ආයෙත් කට්ටියගේ අත්පුඩි සද්දෙ.

"තුන්වෙනියට... ම්ම්... ජන්කුක් එක්ක ටේහ්‍යුන්!"

සර් එහෙම කියද්දි දෙන්නා ලැජ්ජාවට ඇඹරුණු හැටි දැකලා යූන්ගිගෙ පුංචි හිනාවක් ඇඳෙනවා ජිමින් ඇස් කොණින් දැක්කා.

"ඊළඟට... සූබිනුයි යොන්ජුනුයි.."

දැන් නම් ජිමින්ගේ බලාපොරොත්තු ටිකින් ටික නැතිවෙන ගමන් තිබුණේ.

කොච්චර බලන් හිටියත් මේ පාර තමන්ට චාන්ස් එකක් නැතිවෙයි කියලා ජිමින්ගේ යටි හිත කෑගැහුවා.

ඒ සිතුවිල්ලත් එක්ක ජිමින් කලේ යූන්ගිගෙ අත තදින් මිරිකපු එක.




















කමක් නෑ අතනේ 🌝

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now