17

91 17 4
                                    

"ඇයි අනේ මං ඔයාට කිව්වේ.... අද පොඩි ගමනක් යන්න ඕනි කියලා"

යූන්ගි ඒක කියපු හැටියට ජිමින්ට හිනත් ගියා. ඇයි ඉතින් බොරුවට ඔරෝගෙන කටත් උල් කරන් කියවන හැටි!

"කොයි..? ම්ම්.... මට මතක නෑනෙ!"

යූන්ගි කියද්දිම ජිමින්ට ඒක මතක් වුණත් එයා තාමත් අමතකයි වගේ රඟපෑවෙ යූන්ගිව අවුස්සන්න.

"ආ එහෙමද දැන් ඔයා? ඒකවත් මතක නෑනේ දැන්? ඔව් ඉතින් දැන් මෙයාට හරියට යාළුවො නේ... අපිව වැඩක් නෑ දැන්..."

යූන්ගි ජිමින්ට ගස්සගෙනම අනිත්පැත්ත හැරිලා එහෙම කියද්දි නම් ජිමින්ට එයාගෙ හිනාව නවත්තගන්න බැරි වුණා.

"ආ... ඇයි දැන් ඔය හිනාවෙන්නෙ?"

යූන්ගි තාමත් ඔරෝගෙන.

"අයියෝ අයියෝ මට මතකයි අනේහ්! පොඩි ප්‍රෑන්ක් එකක් කළේ මං"

ජිමින් හිනාවෙවී එහෙම කියද්දි බොරුවට ඔරවගෙන හිටපු යූන්ගිගෙ මූණටත් හිනාවක් ආවා.

"ලස්සනයි..."

යූන්ගි නොහිතම ඒ කියපු දෙයින් ජිමින් එකපාරටම ගැස්සිලා ගියේ යූන්ගිට එයා කියපු දේ ලෝඩ් වෙද්දි.

"ඇහ්!?"

ජිමින් එහෙම අහද්දි ජිමින්ගේ කන් දෙකේ ඉඳන් රතුවීගෙන එනහැටි යූන්ගිට පෙණුනා.

"නෑ මුකුත් නැහ්"

යූන්ගි එහෙම කියලා අහක බලාගත්තේ ජිමින් "හ්ම්" කියලා දුකින් වගේ ඉයර්ෆෝන් එක කනේ අහගනිද්දි.

"රට විනාසයි තව පොඩ්ඩෙන් යූන්ගියෝ"

තමන්ටම එහෙම මුමුණගත්තු යූන්ගි එක ඉයර්බඩ් එකක් තමන්ගේ කනේ ගහගත්තෙ ජිමින් පුදුමෙන් වගේ යූන්ගි දිහා බලද්දි.

ඒත් ඒක දැක්කෙ නෑ වගේ යූන්ගි ඇසුත් පියාගෙන බංකුවෙ දිගාවුණේ ජිමින්ගෙ උකුලෙන් ඔළුවත් තියාගන්න ගමන්.

ජිමිනුත් මුකුත් නොකියම ගහට හේත්තුවෙලා තමන්ගේ උකුල උඩ ඔළුව තියාගත්තු යූන්ගිගෙ කොණ්ඩෙන් ඇඟිලි යැව්වේ හරි සීරුවෙන්.

ඉයර්ෆෝන් එකෙන් Dandelions ප්ලේ වෙද්දි දෙන්නම ඇස් පියාගෙන ඒ සින්දුව ඇහුවෙ රොබරෝසියා මල්පෙති එයාලව වට කරගනිද්දියි.

















මොකක්ද දන්නෙ නෑ නෙහ් ඒ ගමන? 🤷

ආ මේක ඉවරවෙන්න තව ටිකයි ඈ 😁
නත්තලට කලින් ඉවර කරනව මං 😌🖤

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now