_17_

2K 289 39
                                    

එදා රෑ කොල්ලො ටික ඔක්කොම යශ් ලයි ගෙදර තැනින් තැන වැටිලා නිදගනිද්දි එකම එක ඇස් දෙකක් නින්දක් නැතුව අහසෙ තියෙන හද එක්ක ලොකු කතාවක්. තනිවෙච්ච හදවත් ගොඩක් ගාව හඳ හැම රෑකම තනි රැක්කට හඳටත් එයා ආසම තරුව නැති තනිකම මකන්න ඒ හදවත් එකකටවත් බැරි වෙන්න ඇති.

සකුරා මල..

උබට ආදරෙ කරන්න හිතීම ම නිවෙන්න හේතුවක් වුනු තැන..
මගේ සකුරා මල....
නොකිව්ව ට කමක් නෑ දැනෙන්න දීපන්
පරවෙන්න නොදී මන් බලාගන්නවා උබව
මගේ සකුරා මල...



සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ
සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ
හිමි නොවෙනා ප්‍රේමේ
ලුහුබඳිනා ප්‍රේමේ
සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ

සකුරා මලේ

සකුරා මලේ

පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරා යායේ
පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි සකුරා යායේ
සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ..
සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ...

( සකුරා මලේ - Charitha Attalage )


අතේ තිබ්බ බියර් එකෙ මත් බව පරදලා ඈතින් ඇහෙන වචන ටික එක්ක මත්වෙන්න දගලන හිත කුණාටුවක් නැතත් කැලබිලා තිබ්බ සාගරයක් වගේ..

" එයෝ.."

බැල්කනි එකට වෙලා දෙවෙනි බියර් එකත් හිස් කරන ගමන් හිටියෙ එයෝන් හීතල වෙලා ගියෙ එයාට පිටිපස්සෙන් ඇහුනු කටහඩට.

" අහ් නිදි නැද්ද... අනිත් අය නිදිනෙ මන් හිතුවෙ ඔයත් නිදි ඇති කියලා.."

එයෝන් ගෙ පිටිපස්සෙන් ඇවිත් අත් වැටට බරවුනෙ චනෙරු. ඇදන් හිටිය තද කලු අත් දිග ෂට් එකෙ උඩ බොත්තම් ටිකම ඇරගෙන හිටිය කොල්ලා ගෙන් ආවෙ තනිකරම තද අරක්කු ගදක්. ලාවට රතු වෙලා තිබ්බ ඇස් එක්ක එකට යාවෙලා තිබ්බ ඇහිබැම අද කොල්ලට අමුතු ලුක් එක්ක ගෙනල්ලා තිබ්බා. ඒක නිකන් තනිකරම කොලුකාර පෙනුමක්. එයෝන්ට වඩා චනෙරු ගොඩක් උසයි එක ළග හිටගත්තම එයෝන් ගෙ නලල තිබ්බ චනෙරුගෙ උරහිස ලග.

" නින්ද යන්නෙ නෑ එයෝ.. ටිකක් වෙලා කතාකරමුද.."

" ම්ම් කියන්න මන් අහන් ඉන්නෙ.."

ආරු...  ( BL )  COMPLETED ✓Место, где живут истории. Откройте их для себя