_31_

2K 289 35
                                    

ඒසී එකෙන් ගලන් එන හීතල එක්ක ලාවට යන චාමර වීරසිංහ ගෙ මතකයන් ඔබේ පද පේලි අතරේ යුග්ම ටිකවෙලාවකට හිරවුනා.

සිනාසෙන්න නොහැකී නම් මට හඩන්නට 
  ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට..

අතේ තිබ්බ අයිස් කොෆි එකෙ අයිස් කැට දෙක තුන විතරක් ඇතුලෙ ඉතුරු වෙලා තිබ්බා. ඒවයි හීතල කප් එක අස්සෙන් අත් දෙකට කාන්දු වෙද්දි වෙලාව රෑ නවය කියලා උකුල උඩ ඔන් වෙලා තිබ්බ ෆෝන් එකෙ ඩිස්ප්ලේ එකෙන් පේනවා. යුග්ම බෙල්ල හරවලා වම් පැත්තෙන් පේන ඒ කඩවසම් රුව දිහා බැලුවෙ.. සැරින් සැරේ එලිය වැටෙන ලයිට් කනු වල කහ පාටට ඒ මූන දිලිසෙනවා. එක අතකින් කාර් එක ඩ්‍රයිව් කරද්දි අනිත් අත ශටර් එකට හේත්තු වෙලා තිබ්බා.
දෙහිවල හන්දියෙන් වම් පැත්තට කාර් එක හරවලා ස්ටේෂන් එක පැත්තෙ ඉස්සරහ පේමන්ට් එකක් ගාවින් කාර් එක නතරවෙද්දි යුග්ම කාර් එකෙන් බැස්සා. ඉස්සරහින් තිබ්බෙ රේල් පීලි දෙකක්. මුහුදක සද්දෙ ඊටත් පිටිපස්සෙන් ඇහෙද්දි පිටිපස්සෙන් ආව අතක් යුග්ම ගෙ නිදහසේ තිබ්බ අතක් එක්ක පැටලුනා.

" රෑට එනවනම් මේ පැත්තෙ තියෙන සුපිරිම තැන මෙතන තමයි "

යුග්ම වත් ඇදගෙනම රේල් පීලි දෙක පැනලා ලී වලින් වගේ හදපු ගෙවල් දෙකක් මැද්දෙන් ගිහිල්ලා අන්තිමට මතුවුනේ මුහුදු වැලි කකුල් වලට අහුවෙන තැනකින්. මුහුදු ලුනු රහත් එක්ක හුලගෙ සීතල ඇගේ වැදෙද්දි හරි ඉක්මනට දිලිසෙන්න ගත්ත යුග්ම ගෙ බෝල ඇස් දිහා අනිත් කෙනා බලන් හිටියෙ ආසාව පිරිච්ච නිල් ඇස් දෙකකින්..

කලුවර පැත්තක් පාස් කරලා දෙන්නම ඇවිදන් ගියෙ කහ පාට බල්බ් වැල් අතුරලා තිබ්බ පොල් ගස් ටිකක් තිබ්බ හරියකට. එතන පිටිපස්සෙන් තිබ්බෙ පොඩි රිසෝට් එකක් එක්ක බාර් එකක්. සූර්යා කියලා නම ගහලා තිබ්බ බෝට්ටුවක බදක් උඩින් වාඩි වෙලා ඒ නිල් ඇස් වල අයිතිකාරයා යුග්ම ට එයාගෙ අතක් දිග් කරෙ යුග්ම මුහුදු වැල්ලෙ එරි එරි ම ඇවිදන් ඇවිල්ලා ඒ අත අල්ලගෙන බෝට්ටු බදෙ අනිත් පැත්තෙන් වාඩි වුනා.

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
ආරු...  ( BL )  COMPLETED ✓Wo Geschichten leben. Entdecke jetzt