_40_

2.1K 265 29
                                    

" මල්ලි උබලා ඔතන වටවෙලා ඉන්නෙ නැතුව පන්ති වලට පලයන්.. ආයිත් පීරියඩ් කට් කරලා අහු වෙන්න එපා. "

" ඔය කොන්ඩෙ උස්ස උස්ස ඉන්න එකා මෙහෙ වරෙන්.. උබට එදත් කිව්ව නෙ කොන්ඩෙ වැඩියි කියලා අකීෂ් මූව එක්කන් පලයන් එලියෙන් කොන්ඩෙ කපා ගන්න බැරි වෙන්න ඇති නෙ අපේ එකෙක්ට කියලා නෝට් ම ගහපන්  "

" අනිත් උන් ටික මොකද පලයන් පන්ති වලට.. "

කොල්ලො ටික පෝලිමට එතනින් ඉක්මනට වාෂ්ප වුනෙ එක කොල්ලෙක් බිම බලාගෙන ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තට ඇවිදන් යද්දි. එතන තිබ්බ බිල්ඩිම් එක උඩ ඉදන් පහලට එබිලා බලන් හිටිය අට වසරේ පොඩි උන් ටිකක් යුග්ම උඩ බලනවත් එක්කම ක්ලාස් ඇතුලට දුවන් ගියෙ උදේ ඉදන් ම දකින දකින හැම කෙනාගෙම වැරැද්දක් හොයාගෙන බනින ඩිපියුටි අයියගෙ බැල්ම ඒ පැත්තට වැටෙන්න කලින්. යුග්ම ඒ පැත්තට ගියත් හරි කැන්ටිම පැත්තට ට යන ගමන් හිටිය කොල්ලො වගයක් යූ ටර්න් එක ගහලා  හැරිලා ගියෙ ඉස්කෝලෙ ඩිපියුටි ගෙ රකුසු මූන ඉස්සරහින් පෙනෙද්දි.

" උබලට කලින් කියලා නැද්ද උගන්නන පීරියඩ් වලදි මෙතන ඉදන් කෑම කන්න බෑ කියලා.. කෑම ගත්තනම් ක්ලාස් වලට පලයන් ඇයි උබලට උගන්නෙ නැද්ද "

කැන්ටිම ගාව තැන තැන පොඩියට රවුම් හැදිලා හිටිය කොල්ලා පිටිපස්ස නොබලම දුවන් යද්දි යුග්ම කැන්ටිමෙන් කෑම ගන්න ගමන් හිටිය පොඩි එකෙක්ටත් රවාගෙනම කැන්ටිම පිටිපස්සෙ තිබ්බ ටැප් එක ඇරලා දාඩියට තෙමිලා තිබ්බ  මූන තෙමාගෙන ලොකු හුස්මක් පහලට දැම්මා.
එහයින් තිබ්බ කොට්ටම්බ ගහ අස්සෙන් යුනිෆෝම් කකුල් හතරක් පෙනෙද්දි යුග්ම ඒ පැත්තට ඇවිදන් ගියා..
කෑගහලා කෑගහලා කොල්ලගෙ කටහඩ හිර වෙන ගතියක් එක්ක තිබ්බ නිසා යුග්ම කට ඇරලම ලොකු හුස්මක් ගත්තා.

" මොකද මෙතන උ... "

කට්ලට් එකක් එක්ක හයිලන්ඩ් කිරි පැකට් එකක් අනිත් අතේ තියාගෙන තාප්පෙට හේත්තුවක් දාගෙන හිටිය ඩිපියුටි අයියගෙ බෝයි පෙන් කෑගහගෙන ආව යුග්ම දිහාවට බැල්මක් දාලා බලාපොරොත්තු වුනා වගේ එක ඇහැක ඇහිබැම උස්සලා ඇයි කියලා ඇහුවා.
කොල්ලා එක්ක උගේ නැට්ට වගේ හැමතිස්සෙම ඉන්න එකත් ඊට ඉස්සරහින් හිටියත් පොරනම් බයවෙලා වගේ කෙලින් වුනෙ එතනින් එලියට යන්න අඩියක් ඉස්සරහට තියන ගමන්.

ආරු...  ( BL )  COMPLETED ✓Waar verhalen tot leven komen. Ontdek het nu