sᴏᴍᴇᴏɴᴇ ʟɪᴋᴇ ʏᴏᴜ ( First Met )

677 94 24
                                    

Taehyung pov

මට දුකයි. මම ඊයේ පරිස්සමින් ප්‍රැක්ටිස් කලා නම් අද මට මෙහෙම වාඩි වෙලා ඉන්න වෙන්නේ නෑනේ.

හ්‍යුන්ග්ලා , ජන්කුකී , ජිමින් ලස්සනට ප්‍රෆෝර්ම් කරනකොට මට උනේ පුටුවකට වෙලා ඉන්න. මගේ තමා වැරැද්ද. මම ඊයේ පරිස්සමින් ප්‍රැක්ටිස් කරන්න තිබ්බේ. අද ආර්මිලා කීයක් මං වෙනුවෙන් අඩන්න ඇත්ද ?

මං අඩන්න හිතුවේ නැති උනත් මගේ ඇස් වලින් කදුලු පිට වුනේ වෙනදා වගේ දගලල කරලා ආර්මිලාගේ මූනට හිනාවක් ගේන්න බැරි උන දුකට.

හැමතිස්සෙම මට කැමරාවක් එල්ල වෙලා තියෙන බව මතක් උන ගමන් මං මගේ කදුලු පිහිදගත්තා. දැනටමත් ආර්මිලා කී දෙනෙක්ට මම ඇඩුවා කියලා නෝටිස් වෙන්න ඇතිද ?

හැමදාම ආර්මිලාගේ මූනට හිනාවක් ගේන්න ආසාවෙන් හිටිය මම නිසා අද ගොඩක් අය දුකෙන් කොන්සර්ට් එක බලන්නේ. වීවර්ස් එකේ තිබ්බ ගොඩක් පෝස්ට් වලින් මට ඒක තේරුනා.

කොන්සර්ට් එක අවසාන හරියට එනකොට නම් මට ඉවසගන්නම බැරි උනා.

දනහිසට වෙලා තියෙන ඩැමේජ් එක ගනන් ගන්නේ නැතුව මම ගිහිල්ලා ජන්කුක් , ජිමින් එක්ක වෙනදා වගේ ටිකක් දැගලුවා. කකුල රිදෙනවා ඒත් මට ආයේ ගිහින් වාඩි වෙන්න ඕන උනේ නෑ.

ජින් හ්‍යුන්ග් ඇවිල්ලා ආයේ වාඩි වෙන්න කියලා කිව්වත් මං ජින් හ්‍යුන්ග්ට මං හොදින් කියලා කියන ගමන් පුලුවන් විදියට නැටුවා.

කොන්සර්ට් එකේ අවසානේදි අපි හැමෝම කතා කරනකොට මං ආර්මිලාට පොරොන්දු උනා ඉක්මනට හොද වෙලා කලින් වගේ ඉන්නවා කියලා.

අද හොදට කරන්න බැරි උනත් ඊලග දවසේ හොදට කරන්න මං තදින්ම හිතාගත්තා.

කොන්සර්ට් එක ඉවර වෙලා දනහිස රිදෙන්න ගත්තේ අවසාන ටිකේ නටපුවායි ප්‍රතිඵල විදියට.

ඩොක්ටර් මට ටිකක් සැර කරත් මං කරේ හිනා උන එක. මං අවසාන ටිකේ හරි ආර්මිලා ආදරේ කරන එයාලගේ ටේහ්‍යුන්ග් විදියට හැසිරුන එක ගැන මට සතුටුයි.

" ජින් හ්‍යුන්ග් මං ටිකක් හන් ගග ලගට ගිහින් එන්නද ? "

කකුලේ අමාරු එක්ක මං හන් ගග ලගට යනවට හ්‍යුන්ග්ලා කවුරුවත් කැමති උනේ නැති උනත් අන්තිමේ කියලා කියලා පැය දෙකකට එලියට යන්න ඉල්ලගත්ත මම  මාස්ක් එකත් දාගෙන ආවේ හන් ගග ලගට.

sᴏᴍᴇᴏɴᴇ ʟɪᴋᴇ ʏᴏᴜ ( Completed ) Where stories live. Discover now