sᴏᴍᴇᴏɴᴇ ʟɪᴋᴇ ʏᴏᴜ ( The Lost )

324 78 20
                                    

Taehyung pov

Flashback

මං මගෙ මැනික ඉස්සරහට මම මාස්ක් එක නැතුව ගියා. මැනික මගේ දිහා බලාගෙන ඉන්නේ හරියට විස්වාස කරන්න බෑ වගේ.

" නයිස් ටු මීට් යූ ටේහ්‍යුන්ග්ශී. ඔයා මගේ වලහව දැක්කද ? මන් ඇහුවේ ජීහූන්ව "

යූන් මගේ පිටිපස්ස බල බල මාවම හොයනවා. අවුරුද්දයි මාස ගානකට කලින් මාව එයාගේ බයස් කරගෙන මට ආදරේ කරපු මගේ මැනික දැන් මටත් වඩා එයාගේ වලහට ආදරේ කරනවා. ඒක නෙමේද මට ඕන උනේ

" යූන් මැනික මේ මම "

මං එහෙම කියන ගමන් එයාගේ අත් දෙකෙන් ඇල්ලුවත් එය කලබල වෙලා මගෙ අත පැත්තකට තල්ලු කරේ බයෙන් වගේ.

" මීයානේ ටේහ්‍යුන්ග්ශී. මං මගෙ වලහට ආදරෙයි "

මගේ මැනික මගෙන් පිටිපස්සට යන්න ගන්නකොට මං ඉක්මනට එයාව බදාගත්තේ එයාව සන්සුන් කරන්න. මං දන්නවා එයා දැනටමත් මං කවුද කියන එක තේරුම්ගන්න ඇති. එයා ශොක් වෙලා.

" කලබල වෙන්න එපා මේ මම ඔයාගෙ වලහා. මිසිස් හන්ගේ හොදම ෆෑන්ස්ලා දෙන්නාගෙන් අනිත් කෙනා "

මං අපි දෙන්නා කරපුවා කියෙව්වේ යූන්ව සන්සුන් කරන්න හිතාගෙන උනත් එය අඩනවා දැනුන නිසා මං එයාව මගෙන් ඈත් කරලා මූනට එබුනේ ඒ තරු ඇස් යූන් මගේ දිහාවට යොමු කරද්දී.

" ඔ....යා.....ඔ......යා......මගේ...වල....හා
නේ..ද.? ..එ..යා..ඉස්ස...ර..කි...ව්වා....මං..ඔ....යා.....ට....ගොඩ...ක්....ආද..රේ...නි...සා...මා..ව....ඔයා.....ට...දීලා....යන....වා..කිය...ලා "

මගේ මැනික මගේ ඇස් දිහා බලාගෙන එහෙම කියනකොට මං හිටියේ මං හිතලා බලන්නේ නැතුව කියන දේවල් ගැන හිත හිත.

මං මගේ මැනිකගේ තොල් වලින් අල්ලගත්තේ ඒ මූන මගේ අත් වලින් අල්ලගන ගමන්. යූන් මගේ බෙල්ල වටෙ අත දාගන්න ගමන් මාව කිස් බැක් කරනකොට මගේ හැගීම ඇවිස්සෙනවා කියල තේරුන නිසා මන් ඉක්මනට මගේ මැනිකව මගෙන් ඈත් කරලා හයියෙන් බදාගත්තා.

"ඔ..යා..ම..ගේ..වල..හා..ත..මාඑ.
යාහැ..මදා.ම..කිස්....එකම....ගින්..න...වත්ත.....නවා"

මගේ මැනික මාව හයින් බදාගන්න ගමන් කියනකොට මාත් එයාව හයියෙන් බදාගත්තේ කවදාවත් එයාව අතාරින්නේ නැ කියලා මටම පොරොන්දු වෙන ගමන්.

sᴏᴍᴇᴏɴᴇ ʟɪᴋᴇ ʏᴏᴜ ( Completed ) Where stories live. Discover now