sᴏᴍᴇᴏɴᴇ ʟɪᴋᴇ ʏᴏᴜ ( Titanic movie )

335 82 17
                                    

Taehyung pov

දවස් දෙකක් මං එතනට ආවා එයා එනකන් බලන් ඉන්න. ඒත් එදා මට බැනලා ගියාට පස්සේ එයා හන් ගග ලගට ආවේම නෑ.

අදත් එයා එනකන් මන් බෙන්ච් එකට වෙලා වාඩි වෙලා හිටියේ එයා එක්ක කතා කරන්න.

මට ඕන උන මේ දවස් දෙකට එයාගේ කතාව එයාගේ කටහඩ එයාගේ ඇස් දෙක එයාගේ හිනාව කොච්චර මට මතක් උනාද කියල කියන්න. තව එයාව කිස් කරනකොට මට දැනිච්ච හැගීම.............. මට එකත් එයාට කියන්න ඕන. මන් දන්නේ නෑ දවසෙන් පැය දෙකකට විතරක් කතා කරපු කෙල්ලෙක්ට මං ආදරේ කරනවද එහෙමත් නැත්තන් ඒක ආකර්ශනයක් විතරද කියලා. මට ඒක එයාගෙන් අහන්න ඕන උනා.

මං දැක්කා කවුරු හරි මේ පැත්තට ඇවිදන් එනවා. ඒ එයා මං මෙච්චර කල් බලාපොරොත්තුවෙන් හිටිය කෙනා.

සූයෝන්..................

එයා මාව දැක්කත් දැක්කේ නෑ වගේ හැරිලා යන්න ගියා. මං එයාගේ අතින් අල්ලාගන්නකොට එයා මගේ අත අතාරින්න හැදුවත් ඒක කරන්න බැරි වෙනකොට මගෙ දිහා රවලා බැලුවා.

කියුට්

එච්චරයි මට හිතුනේ. ඒ චෙරි වගේ සීතලට රතු වෙලා තියෙන තොල් සිපගන්න තියෙන ආසාව යටපත් කරගන්න ගමන් මං එයාව බලෙන්ම බෙන්ච් එකෙන් වාඩි කෙරෙව්වා.

එකපාර මගෙන් එක අතක් ගලවගත්ත මගේ යූන් එලියට ගත්තේ පෑනක් එක්ක පොතක්.

(.යූන් කියන්නේ ටේ සූයෝන්ට හැදුව පෙට් නේම් එක )

ඔහ් එයා මාත් එක්ක කතා කරන්නේ හදන්නේ.

" කියන්න තියෙන දෙයක් කියන්න මට යන්න ඕන "

යූන් එහෙම කියලා පොත මගේ අතට දෙනකොට මං හින වෙල පොත ගත්තත් මාස්ක් එක්ක එයා මං හිනා වෙනවා දකින්නේ නැතුව ඇති.

" මාත් එක්ක තරහද ? "

මං ඉස්සෙල්ලා එහෙම ලියල පොත එයාගේ පැත්තට හරවනකොට එයා ටිකක් වෙල කල්පනා කරා.

" නෑ මං තරහා නැ . ඒත් ඒක මගේ ෆස්ට් කිස් එක. ඔයා දන්නවානේ ඕන කෙනෙක් ඒක තියන් ඉන්නේ එයා ආදරේ කරන කෙනාට දෙන්න කියලා "

සූයෝන් කියවනකොට මන් අහක බලානත්තේ සීතලට ගැහෙන ගමන් තියෙන ඒ ලිප්ස් මං ආයේ කිස් කරයි කියලා බය හිතුන නිසා.

sᴏᴍᴇᴏɴᴇ ʟɪᴋᴇ ʏᴏᴜ ( Completed ) Where stories live. Discover now