sᴏᴍᴇᴏɴᴇ ʟɪᴋᴇ ʏᴏᴜ ( Wedding )

401 89 65
                                    

හ්‍යුන්ග්ලා ඇතුලට යනකොට මාත් වටේ දිගටම අපේ ෆොටෝස් ගන්න මීඩියා එක මගෑරලා වෙඩින් හෝල් එක ඇතුලට ආවා.

මට වෙඩින් හෝල් එක දැක්ක ගමන් මතක් උනේ මගේ මැනිකව. එයා ආස විදියටම වෙඩින් හෝල් එක සරසලා තිබ්බා.

Flashback

" වලහෝ බලනෝකෝ ටිකක් "

වැඩිය මිනිස්සු නැති කැෆේ එකක වාඩි වෙලා යූන්ගේ ඇස් දිහා බලන් හිටිය මාව ගැස්සුනේ යූන් හයියෙන් මගේ කකුල පාගපු නිසා.

" මොකද මැනික "

මං යූන්ට මැණික් කියලා කතා කලේ එයා බ්ලශ් වෙනවා බලන්න ආස නිසා. එයා බ්ලශ් වෙනකොට නිකන් ඉන්නවට වඩා ගොඩක් කියුට්.

" එහෙම කියන්න එපා කිව්වා නේද මෝඩ වලහා "

යූන් බොරුවට තරහයි වගේ පෙන්නන ගමන් කියනකොට මං මගේ හුරතලේගේ දිහා බලාගෙනම හිනා උනා.

" හරි හරි ඉතිම් මගේ දේවල් වලට මං මට ඕන නම් දානවා තමා දැන් ඇයි මගේ මැනික මට කතා කලේ "

මේසේ උඩ තියෙන යූන්ගේ අත අල්ලගන්න ගමන් අහනකොට යූන් මගේ දිහා බැලුවේ කියනවද නැද්ද කියලා හිතනවා වගේ. මං ඇස් වලින් කියන්න කිව්වම යූන් කතා කරන්න ගත්තා.

" අහන්නකෝ වලහෝ මේකයි මං මේ කියන්නේ. කවදා හරි වෙඩින් එකක් ගන්නකොට මං ආස විදියක් තියෙනවා "

යූන්ට ලැජ්ජ හිතුන නිසාද කොහෙද එය කැෆේ එකෙ වීදුරුවෙන් එලිය බලාගත්තා. මගේ කෙල්ලා හිතලා තියෙන දුරක්.

" මං අසයි සිම්පල් වෙඩින් එකක් ගන්න. වැඩිය කවුරුත් නැති , මට ලෝකේ වැදගත්ම අය ටික දෙනා විතරක් ඉන්න එකක්. තව හැමදේම සුදු පාටින්. කේක් එක අපේ ඇදුම් තව අපේ රින්ග්ස් උනත් වයිට් ගෝල්ඩ් වෙන්න ඕන.............. "

මගෙ මැනික ටික වෙලාවකට පස්සේ එයාගේ හීනෙ ඔක්කොම මගේ දිහා බලාගෙන කියවන්න ගත්තා. ඒක නිකන් බර්ත්ඩේ පාර්ටි එකක සැලැස්මක් වගේ උනාට කවදා හරි මගේ මැනික වෙනුවෙන් ඒ වගේ වෙඩින් එකක් ගන්න මං මටම පොරොන්දු උනා.

Flashback end

මගේ මැනිකට ඕන විදියට තිබ්බ වෙඩින් හෝල් එක දිගේ මම ඉබේම ඇවිදන් ගියා. මං දන්නවා අපි පරක්කුයි කියලා. අනිවාරෙන්ම දැන් එයාලා වෙඩින් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියට පත් කරලත් ඇති.

sᴏᴍᴇᴏɴᴇ ʟɪᴋᴇ ʏᴏᴜ ( Completed ) Where stories live. Discover now