වැහිකෝඩ 08

249 33 22
                                    

#අටවෙනි_කොටස 💜️

"කවුද බන් මේ.."

උන්ට මාව අඳුරගන්න බැරි තැන පෝන් එකක ටෝච් එකක් ගැහුවෙ මගේ මූණ්ට..

"අප්පට සිරි ගජ...මෙන්න සල්ලිකාරයො එනවා..."

"කවුද බන්.."

"අපේ පහනා බන්.."

"අඩෝ නෑ...සිරාවට...හෙනම් පහන් කියන පොරටත් යාලුවො කියලා ජාතියක් ඉන්නවයි කියලා මතක් වෙනවා නෙහ්..."

"මට උඹලව අමතක වෙන්නෙ කොහොමද බන්.."

මං එහෙම කියලා උන් ගාවින්ම වාඩි වෙලා හාන්සි වුණා වැල්ලෙම...මට දැනුණෙ ලොකු සැහැල්ලුවක්..සැනසීමක්..ලොකු හුරු පුරුදු කමක්...

"ඉතින් බන් කොහොමද උඹට..? දැන් කොල්ලට සරුයි වගේ..අපිට ආරංචි දැන් ටුවෙන්ටි ෆොර් එකේලු උඹ  වැඩ..."

"අහ්..ඔව් බන්...ඒකෙ තමා යන්තම් හොයා ගන්න පුළුවන් වුණෙ..උඹලා අදත් සෙල්ලම් කරාද.." ?

"ඔව් උඹ දැන් එන්නෙවත් නෑනෙ අපි එක්කලා පෑහෙන්නෙ නැතුවැති...දැන් ලොකු ලොකු මිනිස්සු නේහ් ආශ්‍රය කරන්නෙ..."

"අනේ බන් මේ..කැ*රි කතා කියන්ඩෙපා නවෝද්...නිවාඩු නෑ බන්..නිවාඩු නෑ නෙවෙයි නිවාඩු තියෙනවා..නිවාඩු ගන්ඩ බෑ වැඩ වැඩි බන්..මේ සීසන් කාලෙනෙ ටික ටික පටන් ගන්නේ..හෙට සෙල්ලමක් දාමු...හෙට විතරක් නිවාඩුවක් ගත්තා මං..."

"හරි හෙනම්..මොකද කියන්නෙ ඔට්ටුවකට වටයක් අදිමුද සේරමෝලා..මොකද කියන්නෙ පහන් උඹ..."

මං ටිකක් වෙලා කල්පනා කරා..කාව්න්දයා ඉන්නෙ කොහොමත් මගෙ පැත්තෙ නම් ආයෙ දිනුම ගැන කතා  කරන්න දෙයක් නෑ..මොකද කාවින්දයා තරම් හපනෙක් මේ මුලු වැල්ලෙම හිටියෙ නෑ වැල්ලෙ සෙල්ලම් කරන්ඩ..කාවින්දයත් කොහොමත් බෑ කියනෙකක් නෑ..

"හරි මචන්ලා..ශුවර් හෙට එහෙනම් අනිවා මැච් එකක් ප්ලේ කරමු..කීයද්ද දාන්නෙ උඹලා..මං දානවා පහක්..මොකද කියන්නෙ.."

"අප්පටසිරි ගජ කිව්වලු.. මූ බලහල්ලකො දැන්...උඹ එහෙමනම් අපිත් එහෙමයි..අපිත් පහක් ඔට්ටුයි...එළම එහෙනම් හෙට හවස හතරට හොඳේ.."

අපි කොල්ලො ටික ටික වෙලාවක් කතා කර කර උන්නා..මෙ ටිකෙ මන්නැති ටිකෙ වෙච්චි දේවල් ඕපදූප වලි ඇදගත්තු ඒවා..කෑලි සෙට් වෙච්චි ඒවා..සුභෂ් බූට් එක කාලා උගෙ කෑල්ලගෙන්..ඌ පැනඩෝල් කාඩ් දෙකක් බීලා අමාරුයිලු..අදලු හොස්පිටල් එකෙන් ගෙනත් තියෙන්නෙ..ඌව බලන්න යන්ඩත් ඕනි..අරුන් ටික ඔක්කොම ගියහම මං එක්කලා කළණයා නැවතුණා..

#වැහිකෝඩ..................Where stories live. Discover now