වැහිකෝඩ 20

224 23 8
                                    

#විසිවන_කොටස 💜️
#Bonus_Episode_for_the_Christmas

අරූ එහෙම කියලා මගේ අතට පන්දාහෙ කොළයක් දීලා යන්න ගියා...මගේ ඇඟ,කකුල් දෙක වෙව්ලනවා..මට මූව ම*රන් අමුවෙන් මස් කත හැකි එන කේන්තියට..ඌ ගිය විගහම අතේ තිබ්බ පන්දාහෙ කොළෙ බිම දාලා පාගලා ගුලි කරලා පොඩි කරලා කීතු කීතු කරලා ඌ හෙට එන උගේම කැබින් එක උඩින් මං තියලා එළියට ආවේ ඇස් වල කඳුළු පුරවන්..ඒ කාලකණ්නියා උගේ පහත් දේවල් ඌ ළඟම තියාගනිවිනේ..අනුන්ගෙ සල්ලි වලින් රජයන්න උවමනාවක් මට කොහොමත් තිබ්බෙ නෑ..ඒත් පස්සෙ හිතුණා අපරාදේ සල්ලි කියලා..ඒත් ඕන්නෑ..මගෙ ඇස් වලින් කඳුළු ගලනවා..හුස්ම ගන්නවද කියලවත් මට දැනෙන් නෑ..මට පුදුම අසරණකමක් දැනුණෙ මේ බලහත්කාරකම ඉස්සරහ..මූ කොච්චර නම්..වචනයෙන් කියන්ඩ බැරි තරම් ලස්සන එකෙක් වුණත් මුගේ වැඩ කිඩ හන්දමයි..අර පර ලේ හින්දමයි මට මූව අප්පිරිය වෙලා තිබ්බෙ..අප්පිරියයි කියන්නෙ අජූතම විදියට තිත්තයි..මට කර කියාගන්ඩ දෙයක් නැත්තෙ මූ ගෙදර මිනිස්සු ටික ඉස්සරහට කරන් ඉන්න හින්දා..ගෙදර මිනිස්සු ඉත්තො කරන් මාව පාවිච්චි කරන්න හදන්නේ...ඌව සතුටු කරන්න කියන්නෙ මට උට පුකෙ තමයි අරින්ඩ තියෙන්නෙ..මූ කරන්න කියන්න යන දේ මට ටිකක් අපැහැදිලි..මොකද මං මූව පොඩ්ඩක්වත් දන් නෑ..මහ කාලකණ්නි බල්ලෙක් කියලා විතරයි දන්නේ..මගේ ඇහෙන් ගලන් යන කඳුළක් මං පිටි අල්ලෙන් පිහදැම්මා..මං මුගේ මූණ කට සමතලා කරනවා අපේ ගෙදර මිනිස්සුන්ව මේකට ගාවගන්නෙ නැත්නම්..මූ ඔක්කොටම කලින් ගෙදර මිනිස්සුන්ව ප්‍රශ්නෙට ඇදලා ගත්තෙ මගේ දුර්වලම තැන එතන කියලා ඌ දන්නවා වගේ..අන්තිමට ඌ කිව්වෙත් වැඩිපුරම ආදරෙ කෙනෙක් කියලා..ඒ චූටිද..මූ මං ගැන ගොඩක් දේවල් දන්නවා..මං දන් නෑ ඌ මං ගැන මොනවද දන්නෙ කියලා..මට හිතාගන්නත් බෑ..එහෙම වැරැද්දක් මගෙතින් වුණෙත් නෑ..මට බෑ මට හෙන ගැහුවත් අම්මට තාත්තට චූටිට මුකුත් වෙනවා බලන් ඉන්ඩ..මට කොහොමටවත් ඒ දේ කරන්ඩ බෑ..මූ හොඳ එකෙ නෙවෙයි කියලා මට එදා ඉඳලම සදීපයා කිව්වා..මූ මෙච්චර මගේම පස්සෙන් ඇයි එන්නේ කියනෙකත් මට ලොකුම ප්‍රශ්නයක් වුණා..එන දේකට මූණ දෙනවයි කියලා හිතාගෙන වැඩ ටික කරන්න ගත්තෙ හැමදේම වෙලාවට වෙන්න ඕනි නිසා මොන දේ උනත්..මගේ හිත මං ම සනසගෙන මං ම දරාගෙන කරන්න දෙයක් නැති කමටම මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා..

#වැහිකෝඩ..................Where stories live. Discover now