වැහිකෝඩ 17

274 25 10
                                    

#දාහත්වෙනි_කොටස 💜️

"මොළයක් නැද්ද බන්..මං කොහෙ කියලා යන්ඩද...මේ කොල්ලට නම් තව කමකුත් නෑ..ඉගෙන ගන්න එකානෙ..මං මේ මොන ඔෆිස් යනවටද මෙව්වා.."

"අනෙ බම්බුව..ඇති ඕක කියෙව්වා..‍යන දිහාවක හොඳට ඇඳලා කරලා යන්න ඕනි..ලොකු පුතාටනෙ නැත්නම් ලැජ්ජ..හරි හරි විකාර ඇති..ඔය බඩු ටිකයි..කන බොන එළවලු හාල් තෙල් ටිකයි..ඕනි කරනේවා ඇති..තිර හඳුන්කූරු ටික වෙනම ඇති..."

                                       *  *  *
වේලුණු ලුණු හුළං ගලන් යන්නෙ තොල කට ලුණු රහට හුරු පල් රහක්..අමුතු රහක් එක් කරන්..ඒ පීලි ගඳට හුරුවෙච්චි සුවඳට මං හෙන ආසා කරා..ඒක අපේකම පෙන්නුවා..අපේ ගැම්ම..වැල්ලෙ සුවඳ..අපේම කියලා දැනෙන හැඟීමක් එකතු වුණා..වෙලාව දැන් හැන්දෑ පහට ළඟයි..ගෙදරින් ආවේ හතරයි හතළිස්පහටනෙ...අපි තුන්දෙනා මේ ගලේ පන්සලට යන ගමන්..තනිකරම ලොකු ගල් කන්දක් උඩමයි මේ ගලේ පන්සල පිහිටලා තිබුණේ...මේකේ පුරාවෘත්තයක් තියෙනවා ඉස්සර රටේ ඇතිවෙච්ච යුද්ධ නිසා හතර මහ නිධානයක් මේ ගල් පරුවතෙ යට හංගලා තියෙනවා කියලා..ඒ වගේම ගලේ පන්සලට අනුහස් තියෙන්නෙ ඒ කාලේ ධාතුන් වහන්සේලා හංගලා තියෙනවලු මේ ගලේ පන්සලේ ගුහාවක් අස්සෙ..අදටත් තියෙනවා ගලේ පන්සලෙ කාටවත් යන්ඩ බැරි විදියට අගුලු දාලා කලු ගල් දොරක් වහලා සීල් කරලා...කිසිම කෙනෙක්ට ඇතුළු වීම තහනම් කියලා බෝඩ් එකකුත් ගහලා සිල් කරලා තියෙන්නෙ ලෝකයාට මොනාහරි ලොකූ දෙයක් හංගන්න තියෙනවා වගේ..අදටත් කෙම්මුර දවස්වලට ගලේ පන්සලේ බෝධියේ ඉඳලා දේවතා එළි පාවෙලා යනවලු මහ මුහුදට යනකන්ම..ඒ තරම් අනුහස් තියෙන මෙහෙ තියෙන පරණම පන්සල තමයි ගලේ පන්සල...ඇත්තටම මේකට ලේසියකින් නැගගන්න බෑ..ඒ නිසාම වෙන්නැති මේ ධනනිධාන වගේම ධාතුන් වහන්සේලත් හංගන්න මෙතන පාවිච්චි කරන්න ඇත්තෙ...නගින්න ගියහම එපාවෙනවා..මහ ගිරිදඹෙ වගේ..ගල් පඩිපෙලක් නෑ..තියෙන්නෙ නිකන්ම කන්ද නගිනවා වගේ නගින්න..කන්ද මුදුනෙ එච්චර ඉඩ නැති නිසා පන්සල ටිකක් පුංචි..හරි අපූරුවට පහළියෙන් මුහුදෙ රැල්ල ගහනවා..බලන් ඉන්න කදිමයි..හුළන් සැර මහ හයියෙන් එනවා..ඇඟ පත ඔක්කොම හීතලෙ ගැහෙනවා මේ හවස් හුළඟට..මහ මුහුදට තුන් පැත්තකින් වට වෙච්චි මහා විසාල ගල් පරුවතයක් උඩට වෙන්න හදලා තිබ්බ ගලෙ පන්සල හැමදාමත් වගේ අපේ රිදිච්ච හිත් සනසව්වා..නිව්වා..ඒ කන්ද මැද්දෙන් මුදුනට මැද්දෙන් වෙන්න තියෙන වී ගොඩක හැඩයෙ ධාන්‍යාකාර පුංචි දාගැබෙත් ගොඩක් අනුහස් තිබ්බා..ඒ නිසාම ගලේ පන්සලෙ අනුහස් බෝධිය ගමේ වගේම හැමතැනකම වගේ ප්‍රසිද්ධ වුණා..

#වැහිකෝඩ..................Where stories live. Discover now