🦋Chapter 01🦋

126 11 5
                                    

මම ඇහැරුනේ මගේ නහයට දැනුන මේ ලෝකේ තියන සුවදවල් අතරින් මම ආසම සුවදක් වෙන පෑන්කේක් සුවදට.කෙලින්ම කිව්වොත් පෑන්කේක් කියන්නේ ආගමක් නම් මම එය අදහන දෙවියා හරි කවුරුහරි වෙමි.ඇදෙන් රෝල් වෙලා ගිහින් බිම වැටිලා පුපත් ඇනගෙන මම වංගු නැතුව බැලුවෙ ඔරලෝසුව දිහා.යසයි යසයි බේසිකයෝ උබ නැගිටපු වෙලාව,යකෝ දවල් දොලහටත් කිට්ටු වෙලා.හෙ හෙ..මේකනේ අනේ,මම ඔය හිමිදිරි වෘක පැටියෙක් නෙවෙයිනේ.අනික මං අහන්නේ කාටද පුලුවන් මහ පාන්දර ඇහැරෙන්න.මං නම් කියන්නේ ඔය උදේ පාන්දරම නැගිටලා යැයි යැයි ගාන්න පුලුවන් මොලේ අමාරුකාරයොන්ටම විතරයි.
මම හරිනේ?? ආ නැද්ද ??
(හරි හරි ඉතින් කෑගහන්න එපා අම්මට මේක අදාල නෑ අප්පා)

කොහොමහරි ඉතින් ඇනුන පුපත් අතගාගෙන නිදිමරගාතෙම මම බඩගාගෙන වගේ ගිහින් බාතෲම් එකට වැදිලා හොට් වෝටර් ශවර් එක ඇරලා නාලා සුන්දර මලක් වගේ සුවද ගගහා එලියට ආවා.ආපු ගමන් ටාර් ගාලා ශෝටකුයි ආම් කට් ස්කිනි එකකුයි දාගෙන මගේ පෑන් කේක් ලව් එක හොයන් පහලට දිව්වා.

"ආ සුදු පුතා,හොදට නිදාගත්තනේ??" මගේ අම්මා ඇහුවා.

මගේ අම්මා තමයි මීදුම් සහස්‍රා සූරියආරච්චි.ඉතින් එයා ගැන කිව්වොත් කලු පාට ඉන ලගට දිග කඩාහැලෙන කොන්ඩයක් තියන ටිකක් මිටි කෙට්ටු කෙනෙක්.එයාට තියෙන්නේ හරි කාරුණික හදවතක්.ඒ වගේම එයා තදින් ඉන්න වෙලාවලුත් තියනවා.අම්මටත් තිබුනෙ මට වගේම හරි ලස්සන කොළ පාට ඇස් දෙකක්.මම දැකපු ලස්සනම කෙනා තමා මගේ අම්මා.මං ඉතින් හරි ආදරෙයි අනේ අපේ කොළ ඇස් කෙල්ලට.

මං ඉතින් හරි ආදරෙයි අනේ අපේ කොළ ඇස් කෙල්ලට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ඔව් අම්මා...මැරිලා වගේ නින්ද ගියානේ..".....කෝ තාත්තා ??"

"අහ්...තාත්තා උදේම ඇල්ෆා භාතිය ගේ වැඩ වගයකට ගියා.සුදු පුතා ඔයා ඇවිත් කන්න.ඔයාට පෑන්කේක් කීයක් ඕනද?" අම්මා උත්තර දුන්නා.

- කොළ පාට ඇස් -Where stories live. Discover now