6

153 40 40
                                    


2024 මාර්තු

Paris

යිබෝව වගේම එයාගෙ මැනේජර් chen ව පුදුම කරමින් ඒ චොකලට් ශොප් එකේ දොරින් ඇතුල් උනේ කවුද??

එයා 2000 අවුරුද්ද වෙනකොට චීනයේ ජනප්‍රියම නලුවා වෙලා හිටිය, ආසියානු සිනමා උලෙලක හොදම නලුවාට සම්මානත් ගත්ත .. Industry එකේ top position එකේ ඉදිද්දීම හිටිහැටියේ අතුරුදහන් උන David Chang Lee වගේමයි ..

" හෙලෝ Lee.. "
Louis එයාව දැකලා greet කල හැටියට යිබෝගෙ සැකය තව ටිකක් තහවුරු උනා.

තමන් දිහා පුදුමයෙන් වගේ බලාගෙන ඉන්න චීන ජාතිකයෝ දෙන්නට මද සිනහවකින් සංග්‍රහ කරමින් ඔහු louis ලගට ගියා.

" lee , මේ දෙන්නා චීනයෙන් තමයි ඇවිත් ඉන්නෙ.. Yibo සහ chen.."
Louis ඔවුන්ව හදුන්වලා දුන්නා.

" එතකොට මේ ඉන්නෙ David chang Lee.. "

හරි.. එයාලගෙ සැකය හරි.. මේ තමයි ඒ හිටපු සුපිරි තරුව. අවුරුදු 23 කට පස්සෙ උනත් පෙනුම ලොකුම වෙනසක් නෑ. Mature look එකක් ඇවිත් විතරයි.. තාම ගොඩක් handsome ..

"David lee තමයි මගේ partner .. හරියටම කියනවා නම් මගේ හස්බන්ඩ්.."

..........💚❤️...........

Louis ගෙ ඒ වචනත් එක්ක යිබෝට David chang Lee ක්ශෙත්‍රයෙන් අතුරුදහන් උන එකට හේතුව අනුමාන කරන්න පුළුවන් උනා..
එතකොට එයා ආදරේ නිසා හැමදේම අතහැරලා මෙහේ ආවද??

"David Chang Lee..?? ඔයා එහෙනම් ඇත්තටම ඒ සුපිරි නලුවා නේද..??  හමුවීම ලොකුම සතුටක්.."

යිබෝ එයාට අතට අත දෙමින් කිව්වා.

" hello, wang yibo !! මම ඔයා ගැන දන්නවා.. තාමත් මම ඉදහිට චීනයේ හොද චිත්‍රපට , නාට්‍ය බලනවා.."

" ඔයා xiao zhan ව දන්නවද?? එයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් .. එයා ඔයාගෙ ලොකුම ලොකුම.. රසිකයෙක් .. ඔයාගෙ suzhou river , the triad zone, unborn චිත්‍රපට තුනම එයා මට බලන්න දුන්නා. "

මගේ බෝයිෆ්‍රෙන්ඩ් !! ඒ වචනය යිබෝගෙ මුවින් පිටවුනේ කිසිම ආයාසයක් නැතුව .. හරිම පහසුවෙන්..

" එදා louis කිව්වම xiao zhan කියලා උස ලස්සන චීන තරුණයෙක් ආවා කියලා .. මට හිතුනා ඒ ජනප්‍රිය තරුව  වෙන්න ඕන කියලා .. මම ඔයාලා දෙන්නගෙ the untamed ඩ්‍රාමා එකත් බැලුවා..
එහෙනම් ඔයාලා දෙන්නා ඩ්‍රාමා එකේ විදිහටම ඇත්තටම ආදරෙන් බැදුනා නේද?? "

CHOCOLATE 🍫 ✅حيث تعيش القصص. اكتشف الآن