17

302 67 77
                                    

වර්තමානය.
Xiao zhan pov

යිබෝගේ චරිතයේ හැටියට එයා මගෙන් , අපේ සම්බන්ධයෙන් break එකක් ගත්තා කියලා හිතාගන්න බෑ. ඒක ගොඩක් out of character of him.
යිබෝව පොඩි කාලෙ ඉදලම දන්න යාලුවා වුන zixun කියලා තිබුනා. රයන් මා එක්ක ඒ ගැන කතා කලා.

ඇත්තටම මාත් එදා ඉදන්ම කල්පනා කලේ ඒ ගැන .
ඒ මෝඩ interview එක කියෙව්වම එයාට insecure feeling එකක් ආවද දන්‍නෙ නෑ. ඒකේ හරිම එක්කෙනා හමුවුනාම විවාහ වෙනව කියලත් තිබුනනෙ. මම එයාට දැනට ආදරේ වුනාට කල් යනකොට මටත් සාමාන්‍ය විදිහට පවුලක අවශ්‍යතාවය දැනෙයි කියල එයාට හිතුනද දන්නෙ නෑ. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මම අවුරුදු එක හමාරක් විතර ගෑණු ලමයෙක් එක්ක යාලු වෙලත් හිටියනේ.
ඒවත් මතක් වෙනකොට මම කවදා හරි අපේ සම්බන්ධය ගැන පසුතැවෙයි කියලා එයාට හිතුනද දන්නෙ නෑ..

මාව හිර කරන්නම හදපු interview එකට වුනත් කෙලින් උත්තර දීගන්න බැරිවුන එක ගැන මම මටම දොස් කියා ගත්තා. ඒක නිසයි මේ ඔක්කොම ප්‍රශ්න.

Love at first sight කියලා තමයි එයා හැමතිස්සෙම අපේ මුල් හමුවීම මතක් කරන්නෙ .
පොඩි වයසකදී වුනත් එයා ගන්න තීරණ හරියටම හරි බව එයා ගොඩක් ආඩම්බරෙන් හැමදාම කියන්නෙ ..
අපේ ආදරේ ගැන මුල ඉදලම නොවෙනස් වන තීරණයක හිටිය බොබෝ මෙහෙම දෙයක් කලේ අපේ සම්බන්ධය ගැන මට හිතන්න වෙලාව දෙන්නද???
එයාට ඕන වුනේ මට break එකක් දෙන්නද??

" අර මෝඩ interview එක කියවල බොබෝගෙ හිත ගොඩක් රිදිලා තිබුනේ.. එයාට හිතුනද දන්නෙ නෑ අපේ සම්බන්ධය ගැන මගෙ හිතේ පොඩි හරි පසුතැවීමක්, සැකයක් තියෙනව කියලා..
ඒ නිසා එයාට ඕන වෙන්න ඇති මට ඒ ගැන හිතන්න වෙලාව දෙන්න..
ජපන් ට්‍රිප් එක වෙලාවෙ වගේ..
මගේ මෝඩ බොබෝට හිතෙන්න ඇති මට ආයෙත් break එකක් ඕන කියලා.."
මම රයන්ට කිව්වා..

ඒ වෙලාවෙම මගේ ෆෝන් එක නාද වුනා..
දෙවියනේ. Screen එකේ පෙනුන පින්තූරය දැකලා මට සතුටට පිස්සු හැදුනෙ නැතුව විතරයි.
එයාගෙ සතිය ඉවර වෙන්න තව දවස් තුනක් තියෙද්දිත් මගෙ බොබෝ මට කෝල් කරනවා..

" බොස් කතා කරන්න ..මම එලියෙන් ඉන්නම්."
රයන් නැගිටලා ගියා.

ෆෝන් එක answer කරන කොට excitement එකටම මගේ ඇගිලි වෙව්ලුවා.

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now