37

208 47 66
                                    

වර්තමානය.
Xiao Zhan

මම Athur chen fenyu ව හමුවෙන්න රයන් එක්ක යන ගමන්.
මේක නම් මෝඩ ගමනක් .. යන්න එපා කියලමයි මගේ මැනේජර් wu chang සහ රයනුත් කිව්වෙ.

ඒත් මට මේ වැඩේ arthur chen කලා කියලා හිතෙන්නේ පරණ කතා හින්දා විතරක් නෙවෙයි.
මම මගේ ස්ටාෆ් එකට වත් නොකියපු තව හේතුවකුත් තියෙනවා.

මට ලගදි මගේ oath of love ඩ්‍රාමා එකේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෝල් කලා. The patriot , යිබෝගෙ අලුත් ෆිල්ම් එකේත් ඇසිස්ටන්ට් ඩිරෙක්‍ටර් එයා.

එයා මට කිව්වෙ athur chen ගෙ තාත්තා ඒකෙ නිශ්පාදකට යුවන් මිලියන දෙකක් දෙන්න හැදුවලු කොහොම හරි පුතාව audition එකෙන් ගොඩ දාන්න . මේ ප්‍රධාන චරිතය කොහොම හරි එයාට අරන් දෙන්‍න තමයි ඕනකම තිබිලා තියෙන්නෙ.

ඉතින් යිබෝ ඒ චරිතයට තේරුනු ගමන් එහෙම දෙයක් වුනාම මට athur chen ගැන සැකයක් හිතෙන එක වැරදිද.

යිබෝව මෙහෙම උගුලක පටලවන්න උත්සහ කරද්දී , මට මුකුත් නොදන්නා ගානට නිහඩව ඉන්න පුළුවන්ද..
එහෙම කලොත් ඉතින් මම trash boyfriend කෙනෙක් නෙවෙයිද.

අනික මට ඕන වුනා arthur chen ට වගේ පවුල් පසුබිමක් influential family එකක් නැති වුනාට industry එකේ යිබෝ තනි වෙලා නෑ කියලා එයාට පෙන්වන්න .

රයන්ගෙ ෆෝන් එකට athur chen ගෙන් කෝල් එකක් ආවා. එයා මා ලග ඉන්නවද කියලා රයන්ගෙන් අහලා ඊට පස්සෙ, ෆෝන් එක මට දෙන්න කියලා කිව්වා.

" xiao zhan , අපි කැෆේ එකක හම්බ වුනොත් ඒක නිව්ස් එකක් වෙන්‍න පුළුවන් ."

" හොදයි , අපි කොතනද හමුවෙන්නෙ එහෙනම්? වාහනය ඇතුලේ ඉදන් කතා කරමුද? "
මම ඇහුවා.

" හොදයි , එහෙනම් grand plaza හොටෙල් එකේ parking එකට එන්‍න. මම ඔයාගෙ වාහනයට නගින්නම්."

" හරි.මම එන්නම්"

උත්සවයකදි හම්බ වුනත් අපි මූණවත් බලන්නෙ නැති එකේ මේ හාදයා කතා කරපු ගමන් හමුවෙන්න කැමති වුන එක මදැයි.

.......... ❤️💚..............

2021 ඔක්තෝම්බර් 30

රයන්

අද අපිට විශේෂ දවසක්.
street dance of china season 4 finale එක අපිට එතැනට ගිහින් live බලන්න චාන්ස් එකක් හම්බ වුනා.
මායි, liu min සහ xin yi.
ඒත් පව් අපේ බොස්!!
Xiao zhan ට කවදා පුළුවන් වේවිද යිබෝගෙ show එකක් මෙහෙම බලන්න යන්න .

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now