වර්තමානය.Xiao Zhan
"Xiao zhan, වැඩිය දැගලුවේ නැත්නම් නුවණට හුරුයි..
මොකද ඔයාගෙ wang yibo දැන් ඉන්නෙ අපි ලගයි.."මාව අල්ලා ගත්ත ඒ මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් කිව්වම මාව ගල් ගැහිලා ගියා. කවුරු වුනත් මුන් මං ගැනයි යිබෝ ගැනයි දන්නවා. යිබෝ දවල් වෙලා රයන් එක්ක හදිසියේ කොහෙද ගියානෙ. කොහෙද මම කාගෙන්වත් කෝල්ස් එන එක නවත්වන්න ෆෝන් එක ඕෆ් කලානෙ.
අනේ .යිබෝ කෝල් කලාද කියලා දන්නෙත් නෑ. එයා හොදින්ද!! මුන් කවුද!!" දගලන්නෙ කෑගහන්නෙ නැතුව හිටියොත් මහත්තයාටවත් , wang yibo ටවත් කිසිම කරදරයක් වෙන්නෙ නෑ.
දැන් නම් කොහොමවත් කෑගහන්න බෑ. කට වටෙත් මොකක් හරි බැන්දා.
අත් දෙකයි, කටයි, ඇස් දෙකයි ඔක්කොම බැදලා.
එක්කෙනෙක් මගේ අත් දෙක තව ටිකක් තදකලා.." හා හා පරිස්සමෙන් .." තව එකෙක් කියනවා ඇහෙනවා.
" ඔව්. වැඩිය තද කරන්න එපා.."
මුන් මොන වගේ මංකොල්ලකාරයොද?? මොන වගේ Kidnappersලද??
මට යිබෝ ගැනත් බයයි. මොනව උනත් මෙතන නුවණට හුරු දේ උන් කියන විදිහට ඉන්න එක කියලා මට තේරෙනවා. කොහොමත් දැන් නම් මට ඕන උනත් දගලන්න බෑ අත් ගැට ගහලා තියෙන හැටියට .
එතන උන් කීදෙනෙක්ද දන්නෙ නෑ . දැනුන හැටියට 4 ක් 5 ක් ඉන්නවා වගේ..මගේ සෙකියුරිටි ඔෆිසර්ස්ලාට මොනව උනාද?? උන්ගෙන් යුවාන් බාගෙකවත් වැඩක් තියෙනවද?? මොකටද මම මුන්ට පඩි ගෙවන්නෙ..??
" හොදයි xiao zhan .. දිගටම ඇවිදගෙන යමු . අපි guide කරන්නම්.."
උන් දෙන්නෙක් මගෙ දෙපැත්තෙන් අල්ලාගෙන . වැඩි දුරක් ඇවිදින්න උනේ නෑ.
මට දැනුන හැටියට මාව කාමරයක් ඇතුලට දාලා දොර වැහුවා.ඊලගට මගේ ඇස් සහ කට බැදපු රෙදි කෑලි උන් අයින් කලා. ඔව් මම ඉන්නෙ කාමරයක් ඇතුලෙ. මේ Gouce Beijin conference center එකේ රූම් එකක් වෙන්න ඕන. Ground floor එකේ. පාකින් එක ලගම එකක්. වැඩිදුරක් ආවෙ නෑනෙ.
" අත් දෙක දැන්ම ලිහන්න බෑ xiao zhan මහත්තයා.. "
කතා කලේ රූම් එක ඇතුලෙ හිටිය මිනිස්සු දෙන්නාගෙන් ප්‍රධානීයා වගේ පේන එක්කෙනා. අතේ තුවක්කුවකුත් තිබුනා. කෝ අනික් අය. ?
YOU ARE READING
මං කැස්බෑවෙක් වූ හැටි..✅
FanfictionZhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... xiao zhan ගේ XZ studio කාර්ය මන්ඩලයේ සාමාජිකයෙකුගේ කතාව Started on 01-01-2024 Completed on 17-04-2024