දෙවන සද.....

72 13 2
                                    

"මචං ඔය ඇති දේවා"

"එහාට පලයන් නිවා මට බොන්න දීපන්...මගේ පපුව රිදෙනවා යකෝ...උබ දන්නවද මම අවුරුදු දෙකකට පස්සේ මගේ සීනුව දැක්කා ඒත් උබ දන්නවද මගේ කොල්ලා මගෙන් හැංගුනා බං ඌ මගෙන් හැංගුනා.

ඇයි බං ඌ මට මෙහෙම කරන්නේ මමත් මනුස්සයෙක් නිවා.කෝ බං ඉස්සර මං අස්සේ හුරතල් උන මගේ සීනු ඌ කෝ..."

නිවර්තන කොච්චර නවත්තන්න උත්සහ කලත් ආපු වෙලේ ඉදන් එක දිගට බීපු දේවාන් තමන්ගේ හිතේ තියෙන දුකෙන් එක දශමයක් තමන්ගේ යාලුවා ඉස්සරහා දිගාරින ගමන් අතේ තිබුන වීදුරුව පොලේ ගැහුවා.

දේවාන් රිද්ම බස් එකට නගිනකන් ඉදලා කෙලින්ම ඇවිත් තිබුනේ ලගම තිබුන ක්ලබ් එකට.කොතන කොහොම මොන ප්‍රශ්නේ තිබ්බත් තමන්ගේ අනිත් බාගේ වගේ ඉන්න යාලුවට දේවාන් එක කෝල් එකයි දුන්නේ විනාඩි දහයෙන් නිවර්තනත් එතනට ඇවිත් හිටියා.

එතනින් එහාට තිබුනේ වේදනාව දරාගැනීමේ සංග්‍රාමයක්.කවුරු නොදන්නවා උනත් නිවර්තන ඒක දැනගෙන හිටියා.

නිවර්තන දේවාන් කියන්නේ පොඩි කාලේ ඉදන් යාලුවෝ නෙමෙයි.ඒ දෙන්නා ඉස්සල්ලම හම්බුනෙත් තක්ශිලාවට ආපු මුල් දවසෙයි.

ඒත් දේවාන්ට නිවර්තන වගේම නිවර්තනට දේවාන් වෙන කාටත් වඩා ඒ දෙන්නට දෙන්නා තෙරුම් ගත්තා.ඉතින් දැන් ඒ දෙන්නා හොදම යාලුවෝ.

"වරෙන් ගෙදර යන්න දේවා අංකල් බලන් ඇති"

"මට *හික්* ගෙදර ය..න්න බ්බෑ නිවා.අර *හික්* අම්මා කියන ගෑනි අද ගෙද්..දර"

"හරි එහෙනම් වරෙන් මගේ අපාර්ට්මන්ට් එකට කෝ ඉතින් නැගිටපන්.."

නිවර්තන දේවාන්ව එක්කන් ආවේ නිවර්තනගේ අපාර්ට්මන්ට් එකට.නිවර්තනගේ තාත්තා ප්‍රසිද්ද තේ වියාපාරිකයෙක් නිසා එයාගේ දෙමව්පියෝ ජීවත් උනේ නුවරඑලියේ.

මේ හින්දම නිවර්තන ජීවත් උනේ කොලබ අපාර්ට්මන්ට් එකක.ඒත් සතියට අනිවාර්යයෙන්ම අඩුම දවස් තුනක්වත් නිවර්තන එයාගේ අපාර්ට්මන්ට් එක එයාගේ හොදම යාලුවා දේවාන් එක්ක බෙදා ගත්තා.

ඒකට ලොකුම හේතුව දේවාන්ගේ අම්මයි.දේවාන්ගේ අම්මා කියන්නේ සුප්‍රසිද්ධ වියාපාරිකාවක්.ඒත් දුනාරා කියන්නේ අම්මෙක් විදිහට ෆේල් චරිතයක්.

වඩින තුරු සද (Non fiction - BL)Where stories live. Discover now