හයවන සද.....

64 9 5
                                    

පැවිලියන් එකේ ඈතින් ඇහුන කටහඩත් එක්ක දේවාන් ඉක්මනට අත අහකට අරන් ඉස්සරහා බලා ගත්තා.ඒත් රිද්මට නම් දැන් උන දේවල් මෝලේට දාගන්න හුගක් වෙලා යනවා කියන්න වගේ එයා තාමත් ගල් ගැහිලා දේවාන් දිහා බලන් ඉන්නවා.

"දේව් අයියේහ්හ්හ් අනේ මං ඔයාව හැම තැනම හෙව්වා..."

"මොන එහෙකටද මාව හෙව්වේ"

"අයියෝ බලන්නකො දේව් අයියා මාව ඕගනයිසින් කමිටි එකට වැටිලනේ..අපේ වැඩ ඉවර වෙද්දි ලේට් වෙනවලු.මමිට කිව්වම මමි බැන්නා තනියම එන්න එපා කියලා සෝ ඔයාට පුළුවන් ද මාව ඩ්‍රොප් කරන්න"

"තමුසෙට මොන්ගල්ද සිහලි"

"අහ්හ්හ්"

"තමුසේ උදේ හවා ගෙදර යන්නේ ඩ්‍රයිවර් එක්ක නේද?ඌත් එක්ක යද්දි කොහෙද තනියක් අනික ආන්ටිට ඔයාව තනියම එහෙ මෙහෙ යවන්න බැරිනම් බොඩිගාඩ් කෙනෙක් හොයලා දෙන්න කියන්න මට බෑ පියරු බබ්බු බලා ගන්න I hate it"

ඕනාවටත් වඩා ඇබරෙන සිහලි දිහා බලලා කිව්ව දේවාන් ආයෙම නැගිටලා ග්‍රවුන්ඩ් එකට යන්න යද්දි පිට මනුස්සයෙක් ඉස්සරහා දේවාන්ගෙන් ලැජ්ජ උන තරහට සිහලි රිද්මටත් ගස්සන් යන්න ගියා.

"අපි බලමුකෝ දේව් ඔයා තව කොච්චර කාලයක් මාව මෙහෙම මගාරියිද කියලා"

සිහලිට තරහයි හැමදාම දේවාන්ගෙන් මේ විදිහට ප්‍රතික්ෂේප වෙලාම සිහලිට දැන් දැන් දැනෙන්නේ නොරිස්සුමක්.ඒත් සිහලි කියන්නේ පවුලේ එකම ලමයා විදිහට හොදටම නරක් උන කෙල්ලෙක්.ඉතින් හිතුවක්කාර වෙලා හරී සිහලි එයාට ඕනේ දේ ලබා ගන්න ලෑස්ති.

අවුරුදු ගානක් රට ඉදපු සිහලි මීට අවුරුදු දෙකකට කලින් ලංකාව ආපු වෙලාවෙයි දේවාන්ව ඉස්සල්ලම දකින්නේ.පිටරට කොච්චර පිරිමි ලමයි ආශ්‍රය කලත් සිහලි දේවාන්ව දැක්ක ගමන් දේවාන්ව ඕනේ වෙනවා.ඒ නිසාමයි සිහලිත් මේ අවුරුද්දේ ඉදන් තක්ශිලාවට එන්න ගත්තේ.

ඒක ආකර්ෂණීයක්.පුංචි කාලේ ඉතින් තමන්ට ඕනේ දේ ඉල්ලුව පමාවෙන් ලැබෙන සිහලිට එයාගේ අම්මගේ හොදම යාලුවගේ පුතාවත් දැක්ක ගමන්ම ඕනේ වෙනවා.

වඩින තුරු සද (Non fiction - BL)Where stories live. Discover now