අටවන සද.....

56 9 6
                                    

කවුරුහරි කෙනෙක් දේවාන්ගෙන් ඇහුවොත් එයා මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන කෙනා කවුද කියලා දේවාන් දෙපාරක් නොහිතා ඒ එයාගේ අම්මා කියලා කියයි.

දුනාරා නිසා දේවාන්ට හැමදාමත් නැති උනේ එයාගේ ජිවිතේ වටිනාම දේවලුයි.නමට විතරක් අම්මා කියන චරිතේ ලෝකයක් ඉස්සරහා රගපාපු දුනාරා කියන්නේ මහා හුගක් ආත්මාර්ථකාමී චරිතයක්.

දේවාන් මොනාම හරි දේකට ඕනාවට වඩා ලං උනොත් සහා ඒ දේ දුනාරගේ ඇහැට සුදුසු නැති දෙයක් උනොත් ඒ දේ දේවාන්ගෙන් ඈත් කරන්න දුනාරා දෙපාරක් හිතුවේ නෑ.හරියට දේවාන් පොඩි කාලේ ආසාවෙන් හදපු පූස් පැටියා වගේ.

ඒ කාලේ ඉදුවර හිටියේ සංගීත ක්ශේත්‍රයේ එයාගේ වැඩිදුර කටයුතු වගේකට මාස කීපෙකට රට ගිහිල්ලයි.ඒ යන්න කලින් දේවාන්ගේ පාලුවට ඉදුවර ගෙනත් දුන්න තෑග්ග තමා ඒ සුදු බෝලයක් වගේ පූස් පැටියා.

දේවාන් ඒ පූස් පැටියට පුදුම තරම් ආදරේ කලා.යන්නේ කොහෙද පූස් පැටියත් දේවාන්ගේ කකුල් වල ඇතිල්ලුන ගමන්මයි.ඒත් අවාසනාවකට දුනාරා ගෙදර ආව දවසක දකින්නේ පාඩම් මේසේ උඩ පොත් පැත්තක තියලා පුස් පැටියා හුරතල් කරන දේවාන්ව.

ඉතින් එතනින් එහාට පූස් පැටියට වුන දෙයක් නැතුව ගියා.පහුවෙනි දවසේ උදේ ඉදන් පුංචි දේවාන් හැමතැනම එයාගේ පුස් පැටියා හෙව්වත් දේවාන් ගේ දෙක වෙන්න ඇඩුවත් දේවාන්ට ආපහු පූස් පැටියා හම්බවුනේ නෑ.එතකොට දුනරා,දේවාන් අඩන දිහා ටික වෙලාවක් බලන් ඉදලා එදා දේවාන් ඉස්සරහට ආවා.

"විකාර නැතුව ගිහින් පොතක් බලාගන්නවා දේවාන්"

ඒ තමයි අඩන පුංචි දේවාන්ව නලවන්න දුනාරගෙන් හම්බුන එකම වචන.ඒත් ඒ වචන ඇතුලේ දේවාන් බලාපොරොත්තු උන සැනසීම තිබුනද? කොහෙත්ම නෑ.ඒත් පුංචි දේවාන් එයාගේ ඇස් වල තිබුන කදුලු පිහා ගත්තා.එදා පුංචි දේවාන් තෙරුම් ගත්තා එයා කොච්චර ඇඩුවත් එයාට එයාගේ අම්මගෙන් අඩුම පොඩිම අනුකම්පාවක්වත් නොලැබෙන විත්තිය.

එදා පොඩි පූස් පැටියගෙන් පටන් ගත්ත අහිමිවීම් දේවාන්ට අවුරුදු දහාටක් ලබනකන්ම එක එක විදිහට විදින්න උනා.ඒත් දේවාන්ට දුනාරව එපා වෙන්න ලොකුම හේතුව ඒක ම නෙමෙයි.

වඩින තුරු සද (Non fiction - BL)Where stories live. Discover now