"ආ... මේක ගා ගන්නවා"
"අයියේ...."
"ඔහොම ඉදන් සෙල්ලම් කරන්න බෑනේ අයිසේ මේක ගා ගන්නවා ඒ කරලා ගෙදර යනවා අදට ඇති....
පරක්කු වෙලා ඇවිත් මෙතන අපිටත් වද දෙනවා."
"ත්...තැන්ක් යූ"
දේවාන් තරහින් ගෙනත් දුන්න ජෙල් එක අතට ගත්ත රිද්ම පැවලියන් එකේ වාඩි වෙලා සපත්තු ගලවද්දි රිද්ම කරන දෙයින් කිසිම වැඩක් නෑ වගේ පෙන්නන්න උත්සහ කරන දේවාන් ඊට ටිකක් එහාට වෙලා ෆෝන් එක ඔබන මුවාවෙන් රිද්ම දිහා බලන් හිටියා.
දේවාන් කොහොම තමන්ගේ කකුල් රිදෙනවා කියලා දැනගත්තද කියන්න හිතන ගමන් රිද්ම සපත්තු ගලවලා දේවාන් දුන්න ජෙල් එක ගා ගත්තා.ජෙල් එකේ තිබුන සීතල ගතියට රිද්මට සහනයක් දැනෙද්දි ටික වෙලාවක් කකුල් දෙක දිහා බලන් උන්න රිද්ම යන්න නැගිට්ටා.
"අයියේ...මේහ්"
ඉස්සර දෙන්නා කොහොම හිටියත් දැන් දේවාන් හැසිරෙන්නේ රිද්ම කියලා කෙනෙක්ව වැරදිලාවත් දැනන් හිටියේ නැති විදිහට වෙනකොට රිද්ම දෙගිඩියාවෙන් දේවාන්ට කතා කලා.
"හ්ම්ම් ඕ ඇයි"
රිද්ම නැගිටිනවත් එක්කම රිද්ම දිහා හොරෙන් බලන් උන්න දේවාන් ආයෙම එයාගේ අවධානේ මෙච්චර වෙලා ෆෝන් එකට තිබුනා වගේ රගපාන ගමන් රිද්ම එයාට කතා කරද්දි රිද්ම දිහා බැලුවා.
"තැන්ක් යූ ජෙල් එකට ඒ වගේම සමාවෙන්න අද පරක්කු උනාට අද මේ අපිට.."
"හරි හරි හලෝ මං තමුන්ගෙන් හේතු ඇහුවේ නෑනේ නිකන් ඇනයක් නොවී යනවා හෙටවත් කරුනාකරලා වෙලාවට එනවා"
දේවාන් නොදන්නවා උනාට දේවාන්ගේ වචන වලට රිද්මට නොසෑහෙන්න රිදුනා.කකුල් රිදෙන වෙලේ ජෙල් එකක් ගෙනත් දීලා එයා එනකන් දේවාන් බලන් ඉන්නේ කියලා හිතුවත් දේවාන්ගේ වචන එක්ක රිද්මගේ හිත බිදිලා ගියා.දේවාන් මේ තරන් නපුරු කෙනෙක්ද?රිද්ම දන්න දේවාන් නම් කවදාවත් වචනෙකින් එයාව රිද්දලා තිබුනේ නෑ.
ඒත් රිද්ම ට අමතක උන දෙයක් තිබුනා ඒ දේවාන්ව නැති කරගත්තේ එයාමයි කියන එක.සීනුගේ යශ්ට රිද්දන්න පුලුවන් උපරිමෙන්ම මුලින්ම රිද්දුවේ රිද්මමයි කියන එක.ඉතින් දැන් දේවාන් මේ තරම් නපුරු වෙන එක අසාධාරණ ද?
YOU ARE READING
වඩින තුරු සද (Non fiction - BL)
Non-Fictionසිතාරයේ උනත් තනු ලස්සනම නියම පදපේලි එකට අමුනද්දියි..... වඩින තුරු සද බලා ඉන්නම්......