❄️26🔥

113 22 15
                                    

"මම හරි. ඔයා ගොහින් වොශ් එකක් දාගෙන එන්න බබා..."

"හ්ම්..හා....ඇදුමක්...."

"මම හදලා තියන්නම් ඔයා ගිහින් වොශ් එකක් දා ගන්න...ආ.ටවල් එක "

එයාට උම්මා එකකුත් දිගෙන මම ආවේ නාගන්න... අඩේ දැන් මම ටවල් එක ඇදගෙනද එයා ගාවට යන්න ඕනේ.. දැන්නම් ලැජ්ජා හිතෙනවා.. හයියෝ.....ගැහැනු ළමයෙක් වගේ... උඩටම ඇදගෙන යන්නද... එක්කෝ ඕනේ නෑ.. කවදා හරි එයානේ මවා බලන්නේ...ඔන්න ඔහේ යනවා..

" අයියා මගේ ඇදුම "

"ඇද උඩ මැණික ,"

එයා ඇදුමක් ලැස්ති කරලා තිබ්බා වගෙම මම ඇදිනකන් එයා නෙවෙයි මන් දිහා ඇහැක් ඇරලා බැලුවේ.. එයා පොතක් අල්ලන් හිටියා මිසක් මට පස්ස හරවන්...අනේ පැනිහදේ ගිහින්වත් මන් දිහා බලපන් මගේ අයියේ.....

" මගේ මැණික හරි හැඩයි බන්... මටම ලොබ හිතෙනවා... අපි යමුද "

"හ්ම්.... කාටද ආඩම්බර "

අපි අප්පච්චි එක්ක ආවේ ***** හොස්පිටල් එකට... එයාවට චැනල් කරපු ඩොක්ට එන්නේ හවස 6.30ට..දැන් වෙලාව 6.25යි... අංකේ ඇවිත් 3 ත්... ඒ නිසා ඉක්මනට යන්න පුලුවන් වෙයි...

" ඉතින් සන්..දැන් කකුල කොහොමද ,ඇවිදින කොට රිදෙනවද..."

" ඉස්සර තරම් රිදෙන්නේ නෑ... "

"අපි චෙක් කරලා බලමු..."

"හ්ම්...දැන් ඔයාට සැහෙන්න හොදයි.. මේ විදිහට ම දිගටම ත්‍රිට්මන්ට් කර ගන්න... තව සති දෙකක් විතර යනකොට ඔයාට අයේ ත්‍රිට්මන්ට් කරන්න ඔනේ නෑ..."

අම්මෝ ඇති යාන්තම් ... දැන් හිතට හරි නිදහසක් දැනෙනවා...

"හරි ඩොක්ට තැන්කිව් .අපි ගිහින් එන්නම්.."

අපි ගෙදර යන්න ආවා වුනත් අප්පච්චිට හදිස්සියකට ඔෆිස් එකට යන්න වුනා.. අපි දෙන්නා කාර් එකේ තියලා එයා ඔෆිස් එකට ටග් ගාලා දුවලා එන්නම් කිව්වා... මට මොකො ....හ්ම්ක්..මගේ අයියා බබාට වදයක් වෙවි ඉන්නවා...හ්ම්ක්

"මොකො අනින්නේ ආ...."

"ආදරේට... ඔයා මට අනින්නේ නැති එකේ මමවත් අනින්න..."

"ඇන ගන්න ආස ඇති.... පොඩ්ඩක් හිටපන් තව මාස තුනයි තියෙන්නේ ."

"මොනාටද... මාස තුන..."

Touch my soul (yizhan )Where stories live. Discover now