Part 1 💙

2.4K 264 25
                                    

" ආ කොල්ලෝ මොකෝ මේ කුකුළත් අතේ අරන්. "

" මොන කුකුළද. තෝ මටද කුකුළා කිව්වෙ. කවුද දන්නෑ බෙහෙත් ගන්න එන ලස්සන කෙල්ලන්ට පැණි හලන්නෙ. "

" යසයි යසයි තෝ වගේ එකෙක් මට හම්බුණානේ. පූර්ණ ළමා වියවත් හරියට සම්පූර්ණ නැතුව උඹ කොහොමද ඩොක්ටර් කෙනෙක් වුණේ කොල්ලො. "

" හෑ... "

" කකුළා අතේ අරන් එනවා කියන්නෙ උදේම එනවා කියන එකට ගස් ඇටිකිත්තෝ. "

" අ​ඩෝ සොරි බන්. කලින් තේරෙන සිංහලෙන් කියන්න එපැයි. "

හොස්පිටල් එකේ කොරිඩෝ එක දිගේ හෙන ගැම්මෙන් මේ විදියට ඇවිදන් එන්නෙ ඩොක්ටර් කිම් ටේහ්යුන්තුයි එයාගෙ හොඳම යාළුවා පාක් ජිමිනුයි. දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරම් ලස්සන පෙනුමක් තියන මේ දෙන්නගෙන් බෙහෙත් ගන්න වැඩිපුරම එන්නෙ තරුණ කෙල්ලො. ඒකත් නැති ලෙඩ මවාගෙන.

" සර් ඔයාට හෙඩ් එන්න කිව්වා. "

නර්ස් කෙනෙක් ජිමින්ට කියද්දි ජිමින් ටේහ්යුන්ට ටටා බායි කියලා ඉක්මනට ගියේ හෙඩ්ගෙ ඔෆිස් එකට. මේ අතරෙ ටේහ්යුන් ගියේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න. කැබින් එක ඇතුළට ගිය ටේහ්යුන් අතින් සංඥා කලේ ඇතුළට එන්න කියලා.

" මොකක්ද ඔයාට තියන ලෙඩේ. "

ලිප්ස්ටික් තට්ටුවකුයි පවුඩර් තට්ටු හතකුයි උලන් හිටිය ඒ කෙල්ල මහ රෑකදි එහෙම කවුරුහරි දැක්කොත් බය වෙන්නෙ මෝහිනී කියලා. ඒ තරම් සුන්දරත්ය අතින් පරිපූර්ණයි.

" ඩොක්ටර් මගේ පපුව රිදෙනවා. "

ටේහ්යුන්ට තේරුණා ගොනා හැරෙන්නෙ පොල් පැළේ කන්න තමයි කියලා. කෙල්ල පපුවටත් අත තියන් ටේහ්යුන් දිහා බලන් ඉන්නෙ හරියට මේ දැන් හාට් ඇටෑක් එකක් හැදෙන්න ඔන්න මෙන්න ඉන්නවා වගේ. ටේහ්යුන් ස්ටෙතස්කෝප්
එක අරන් කෙල්ලව පරීක්ෂා කරද්දි කෙල්ල එහෙට මෙහෙට ඇඹරුණේ හරියට කිරි පණු ගාය හැදිලා වගේ.

" ​ඩොක්ටර් ඔතන නෙමේ මෙතන. "

කෙල්ල ටේහ්යුන්ගෙ අත අරන් තිව්වෙ පපුව උඩින්.

" මන් හිතන්නෙ ඔයාව මේ විදියට චෙක් කරලා බෑ. ඇඳුම් අයින් කරලා චෙක් කරන්න වෙයි. "

- Coma - (✓)Where stories live. Discover now