Part 3 💙

1.2K 218 22
                                    

කෙල්ල කාර් එකෙන් එළියට බහිද්දි ටේහ්යුන් සෙමීට එයාගෙ පස්සෙන්ම එන්න කියලා කිව්වා. ලේඩීස් ඩ්‍රස් තියන තැනට ගියපු ටේ එතන හිටිය වැඩ කරන ගර්ල් කෙනෙක්ට කතා කරා.

" මෙයාට හරියන ඇඳුම් ටිකක් පෙන්නවද අපිට. "

" කාටද සර්. "

ටේ පිටිස්ස හැරිලා බලද්දි එතන සෙමී හිටියෙ නෑ.

" දෙයියනේ කෝ මේ කෙල්ල. "

ටේ වට පිට බැලුවත් සෙමී හිටියෙ නෑ. මෙච්චර ලොකු ෂොපින් සෙන්ටර් එකක සෙමීව කොහොම කියලනම් හොයන්නද. ටේ සෙමීගෙ නම කිය කියා කෑ ගහද්දි වටේ පිටේ අයත් හැරිලා බැලුවෙ මේ මොකද කියලා. ටේ හම්බෙන හැම කෙනෙක්ගෙන්ම වගේ ඇහුවේ හොස්පිටල් එකෙන් පේෂන්ට්ලට දෙන කිට් එකක් ඇඳන් හිටිය ගෑණු ළමයෙක් දැක්කද කියලා.

" සර් මොකක්හරි ප්‍රශ්නයක්ද. "

කඩේ වැඩ කරන බෝයි කෙනෙක් ටේ ළඟට ඇවිත් ඇහුවා.

" මාත් එක්ක ගෑණු ළමයෙක් ආවා. මට එයාව හොයා ගන්න බෑනේ. එයා පේෂන්ට් කෙනෙක්. අනේ ප්ලීස් උදව් කරන්නකො. "

" හරි සර් මාත් එක්ක එන්නකො. "

ඒ බෝයි ටේව එක්කන් ගියේ cctv රූම් එකට.

" සර් මෙතනින් මුළු ෂොපින් සෙන්ටර් එකම කවර් කරලා තියෙන්නෙ. මේ කැමර් වලින බලලා ඒ ගර්ල් ඉන්නවද කියලා හොයා ගන්න පුළුවන් වෙයි සර්."

ටේ ඒ කැමරා සේරම අස්සෙ සෙමීව හොයද්දි වාසනාවට කෙල්ල හම්බුණා. කෙල්ල හිටියෙ කිඩ්ස් ඩ්‍රස් තිබුණ සෙක්ෂන් එකේ. බෝයිටත් ස්තුති කරලා ටේහ්යුන් ගියේ සෙමී ඉන්න තැනට.

" මන් කොච්චර කිව්වද මගෙ පස්සෙන් එන්න කියලා. මොන එහෙකට පොඩි එවුන්ගෙ රෙදි තියන තැන් අස්සෙ රිංගනවද දන්නෑ. කරන්නම්කො හොඳ වැඩක්. "

ටේ බැන බැනම ගියේ කෙල්ල ළඟට ගියාම කෙල්ලට තවත් බනින්න හිතන්. ඒත් ටේහ්යුන් දැක්කා විතරයි සෙමී ටේහ්යුන්ගෙ අතත් ඇදන් දිව්වෙ පොඩි ගෑණු ළමයිගෙ ඇඳුම් වගයක් තියන තැනට.

" ටේහ්යුන්ෂි. අනේ මට මේ ගවුම අරන් දෙන්න පුළුවන්ද. "

කෙල්ල ඉල්ලුවෙ බොහොම බැගෑපත් විදියට. ටේ ඒ පුංචි ගවුම දිහා බලලා ආපහු සෙමී දිහා බැලුවෙ සෙමීව ඒ ගවුම අස්සට බස්සන්නෙ කොහොමද කියලා හිතන ගමන්.

- Coma - (✓)Where stories live. Discover now