Part 14 💙

887 186 12
                                    

" ටේහ්යුන්ෂි මාව කිස් කරා. "

සෙමී තොල් දෙකත් නොපිට පෙරලගෙන කියද්දි ජන්ග්කුක්ට හිනා ගියේ කෙල්ලගෙ හුරතලේට.

" ඉතින් දැන් ඇයි ඔයා ඒකට තරහ ගන්නෙ. ඔයා දන්නවද ඇයි පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක්ව කිස් කරන්නෙ කියලා. "

" නෑ. ඇයි ඒ. "

ලොකු කකාවක් අහගන්න වගේ කෙල්ල කාර් එකේ ජන්ග්කුක් දිහාවටම හැරිලා ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන ඉන්නවා.

" මෙහෙමයි හරිද සෙමී. කවුරුහරි පිරිම ළමයෙක් ගෑණු ළමයෙක් කිස් කරන්නෙ එයා ඔයාට ගොඩක් ආදරේ නිසා. එතකොට මට හිතෙන විදියට ඔයාගෙ ටේහ්යුන්ෂී ඔයාට ගොඩක් ආදරෙයි වගේ. "

ජන්ග්කුක් ආපහු හිනා වෙවී කියද්දි සෙමී එයාගෙ චූටි හීනි ඇඟිලි එයාගෙ තොල් උඩට අරන් ගියේ ටේහ්යුන් එයාට දීපු සූටිම සූටි කිස් එක මතක් වෙලා.

" ඇත්තටම ටේහ්යුන්ෂි මට ආදරෙයිද ජන්ග්කුකී... "

" ඉතින් ඔයාම අහලා බලන්න. "

" ඒක නෙමේ ජන්ග්කුකී.... අපි දෙන්නා කොහෙද අනේ මෙි යන්නෙ. "

" මගෙ අම්මව බලන්න. කැමතිද එයාව බලන්න. "

" හූම්.... යමු යමු. "

ජන්ග්කුක්තුයි සෙමීයි ජන්ග්කුක්ගෙ අම්මව බලන්න යද්දි ටේහ්යුන් තාම හොස්පිට්ල් එක ඇතුළෙ හොරගල් අහුලන්නෙ යුන්ගි කොයි වෙලේ ජලභීතිකා ඉන්ජෙක්ෂන් එකක් අරන් එයාට ගහයිද කියලා බයෙන්. යුන්ගි එයාව හොයාගෙන එනවට යුන්ගි හොයාගෙන යනවා කියලා හිතපු ටේහ්යුන් සේලයින් කණුවත් ඇදගෙන ගියේ යුන්ගිගෙ කැබින් එකට.

" මේ මේ යුන්ගිෂී... ඔයා මට ගහන්නැත්තන් මන් ඔයාට බඩ්ඩක් කියන්නද. "

" මොකක්ද දැන් තමුසෙගෙ ඔය බඩ්ඩ. "

" සෙමී ඔයාට මුකුත් කිව්වෙ එහෙම නැද්ද. "

" නෑ ඇයි තමුසෙ ඒ පාර මොකද කරේ. "

" මේකයි මන් මේ..... සෙමී....
කිස්.....  හැබැයි හිතලා නෙමේ... එයා තමයි පටන් ගත්තෙ. "

එක පාරටම ඇහුණු හිනා හඬ දිහාට ඇස් යොමු කරද්දි තමයි ටේහ්යුන් දැක්කෙ මෙච්චර වෙලාවක් ඉවක් බවක් නැතුව කියවගෙන ගිහින් තියෙන්නෙ මිස්ටර් චෝයිතුත් ඒ කැබින් එකේ ඉද්දි කියලා.

- Coma - (✓)Where stories live. Discover now