Part 8 💙

1K 214 41
                                    

දීපු ඇඩ්‍රස් එක ආපහු පාරක් හරිද කියලා ටේහ්යුන් බැලුවෙ මේක හොටෙල් එකක් නොවුණු නිසා. ඇඩ්‍රස් එකට අනුව එතන තිබුණෙ තට්ටු දෙකක ලොකු ගෙයක්.

" ටේහ්යුන්.... "

කාර් එකේ හිටිය ටේහ්යුන් එක පාරම ගැස්සුණේ එළියෙ ඉඳන් ග්ලාස් එක ළඟට වෙලා ඉන්න යූරා දැකලා.

" හම්මෝ මන් හිතුවෙ හොල්මනක් කියලා. "

පාර කළුවර නිසා ටේහ්යුන් යූරා දැක්කෙ පව්ඩර් වලින් නාපු හොල්මනක් වගේ. කාර් එකෙන් එළියට බැහැපු ගමන්ම යූරා ඇවිත් එල්ලුනේ ටේහ්යුන්ගෙ අතේ.

" යමුද ඇතුළට. "

" මෙතනද පාටි එක. "

" ඔව්. මේ තියෙන්නෙ ඩොක්ටර් යුන්ගිගෙ ගෙදර. "

ගේ ඇතුළට යනකන්ම යූරා ටේහ්යුන්ගෙ අතේ එල්ලිලා. ටේහ්යුන් එයාගෙ අහිංසක අත මේ හොල්මනගෙන් ගන්න හැදුවත් යූරා නෙමේ හෙලවුණේවත්.

ගාර්ඩ්න් එකේ තව කාර් දෙක තුනක් නතර කරලා තිබුණු නිසා ටේහ්යුන්ට දැන් හොඳටම ෂුවර් පාටි එක තියෙන්නෙ මෙතන කියලා. මේන් ඩෝර් එකෙන් ඇතුළට යද්දිම සොංයී ඇවිත් එයාලව පිළිගත්තා.

" ආහ් ටේහ්යුන්... එන්න ඇතුළට. එතකොට කවුද මේ ගර්ල්. ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ද. "

ඒක ඇහුණු ගමන් ටේහ්යුන් යූරාව තල්ලු කර පාර යූරා තව ටිකෙන් බිම. ටේහ්යුන්ටත් ඔරව ඔරව යූරා ඇතුළට ගියේ පාටියට ඇවිත් හිටිය එයාලගේ හොස්පිට්ල් එකේ වැඩ කරන තව ඩොක්ටර්ස්ලා ටිකක් ළඟට.

" එයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමෙයි නූනා. ඒ අපේ හොසපිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් අනේ. "

ටේහ්යුන් කටටත් ඇඳ කර කර කියද්දි සොංයි හිනා වුණා.

" කෝ එන්න යමු ඇතුළට. අරයා ඔයා එනකම් හුඟ වෙලාවක බලන් හිටියා. "

" කවුද අරයා. "

" ඔයාට ඒ ටිකට අමතක වුණාද. අර ඔයාගෙ කොණ්ඩෙට කොයි වෙලෙත් අනින කපුටා. "

සොංයී එවෙලේ හොඳටම දැක්කා සෙමී ගැන කියනකොට ටේහ්යුන්ගෙ ඇස් දිලිසුණ ලස්සන. අහසෙ තියන තරුත් පරාදයි ඒකට නම්.

- Coma - (✓)Where stories live. Discover now