Part 7 💙

1.1K 211 42
                                    

" හෝව් හෝව් නර්ස් ඔහොම පොඩ්ඩක් ඉන්න. මේ ටික මදි වෙයි වගේ. තව ටිකක් ගෙනත් දෙන්න පුළුවන්ද. "

නර්ස් ටේහ්යුන් දිහා බැලුවෙ මේ මනුස්සයට මොන යකෙක් වැහිලද කියලා. දැන් ටිකකට කලින් ගෙනාපු සේලයින් බට ටිකත් එක එක ගෙට ගහලා දිග බටයක් හදලා ඒක දිහා බලන් ඉන්නෙ හරි අමුතු හිනාවක් දාගෙන. ආපහු ගිහින් තව සේලයින් බට ටිකක් ගෙනත් දීලා නර්ස් යන්න ගියේ ඕන දෙයක් කර ගන්න කියලා.

මේ අතරෙ අද හොස්පිට්ල් එකේ ලොකු කලබලයක්. හොස්පිට්ල් එකේ ප්‍රධාන ස්පොන්සර් කෙනෙක් වුණු හන් චෝයි අද එයාගෙ මන්ත්ලි චෙකප් එකට හොස්පිට්ල් එන දවස. කොරියාවෙ දැනට ඉන්න ලොකු බිස්නස්මන් කෙනෙක් වුණු හන් චෝයි ෆැෂන් ඩිසයිනින් ඉන්ඩස්ට්‍රි එකේ දක්ෂතම ඩිසයිනර් කෙනෙක්. දැන් හන් චෝයිට එයාගෙම ෆැෂන් ඩිසයිනින් කම්පැනියක් තියනවා වගේම ඒ කම්පැනියෙ විවිධ ශාඛා දකුණු කොරියාව මෙන්ම ඇමරිකාව වගේ තවත් රටවල් කිහිපයකම ව්‍යාප්ත වෙලා තියනවා.

" අජුස්සි මොකක්ද ඔයාට තියන ලෙඩේ. මන් කලින් දුන්නු බෙහෙත් ටික ඔයා හරියට ගත්තද. "

ටේහ්යුන් හිටියෙ එයාගෙ පේෂන් කෙනෙක්ට බෙහෙත් දෙන ගමන්. එක පාරටම කොරිඩෝ එකෙන් ඇහුණෙ ලොකු ශබ්දයක්. ටේහ්යුන් හිටියෙ නර්ස් එතනට ගිහින් මොකද වුණේ කියලා බලලා එනකම්. කලබලෙන් වගේ ටේහ්යුන් ළඟට දුවගෙන ආප් නර්ස් ටිකක් බය වෙලා වගේ හිටියෙ.

" ඩොක්ටර්....... සෙමී.... අපේ හෙඩ්.... "

මොකක්හරි දෙයක් වැරදිලා කියලා තේරුණු නිසා ටේහ්යුන් දුවගෙන ගියේ කොරිඩෝ එකට.

" ආයිෂ්.... කවුද මේ හොස්පිට්ල් එක අස්සෙ ලණු ගැට ගහපු මෝඩයා. "

ඩොක්ටර් යුන්ගි හිටියෙ බිම වැටිලා. ඒත් එක්කම එතන හිටියෙ හන් චෝයි. ඊට එහා පැත්තෙ ඇස් දෙකේ කඳුළුත් පුරවන් සෙමී හොඳටම බය වෙලා. සෙමීගෙ දිහායි ටේහ්යුන් දිහායි මාරුවෙන් මාරුවට බලපු යුන්ගිගෙ මූණ බලන් ඉද්දි තද රතු පාට වුණේ තරහට.

" කි_ම්__ටේ_හ්_යු_න්_ "

යුන්ගිගෙ කටහඬ මුළු හොස්පිට්ල් එක පුරාම දෝංකාර දුන්නා. වැටිච්ච තැනින් නැගිට්ට යුන්ගි බර අඩි තිය තිය ටේහ්යුන් දිහාට එද්දි ටේහ්යුන්ගෙ කටේ කෙළත් හිඳුණෙ බයටම. හැමෝම මීයට පිම්බා වගේ සද්ද නැතුව ඉන්නෙ ඊළඟට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරුව.

- Coma - (✓)Where stories live. Discover now