Part 12 💙

1K 198 38
                                    

" සෙමී මන් ඔයාට කලිනුත් කිව්වා නේද ටේහ්යුන්ෂිට කරදර කරන්න එපා කියලා. "

යුන්ගි අත් දෙකත් බැඳන් රූම් එකට එද්දි තමයි ටේහ්යුන් හරියටම දැක්කෙ කොණ්ඩෙන් මූණ වැහිලා ඉදිය ඒ හොල්මන සෙමී කියලා.

" මන් මුකුත් කළේ නෑ යුන්ගිෂී. ටේහ්යුන්ෂි තමයි එකපාරටම මාව බදා ගත්තෙ කොට්ටයක් වගේ. "

තාමත් බිම වාඩි වෙලා කොට්ටයකුත් බදන් ඉන්න ටේහ්යුන් දිහා යුන්ගි ඒක ඇත්තද කියලා ඇහිබැමකුත් උඩට උස්සලා අහද්දි ටේහ්යුන් ඔළුව වැනුවෙ ඔව් කියන්න. මොකද ටේහ්යුන් දන්නවා එයා නිදි අතරෙ ළඟ පාත තියන ඕන දෙයක් බදාගෙන නිදා ගැනීමේ කුරිරු හැකියාවක් එයාට තියනවා කියලා.

" දැන්වත් ඔය බිමින් නැගිටලා ඇවිත් මේ ඇඳෙන් හාන්සි වෙනවා. තමුසෙට ඔහොම දඟලන්න හොඳ නෑ. "

යුන්ගි ලෙඩා දුකා කියලවත් බලන්නැතුව අසරණ ටේහ්යුන්ට කතා කරන විදිය දැක්කම දොර ගාවට වෙලා හිටිය ජන්ග්කුක්ටත් හිනා ගියා. ජන්ග්කුක්ගෙ ටිංකිරි හිනාව ඇහිලා හැමෝම එයා දිහා බලද්දි නළුවා වගේ හිනාවක් දාගෙනම රූම් එකට ඇවිත් බිම ඉදිය ටේහ්යුන්ව නැගිට්ටවලා ඇඳෙන් වාඩ් කෙරෙව්වා.

" ආ ජන්ග්කුක් ඔයා මිස්ටර් චෝයි එක්කද ආවෙ. "

" ඔව් යුන්ගි. පස්සෙ මට නර්ස් කෙනෙක් කිව්වා ඊයෙ රෑ ඩොක්ටර් යුන්ගි ටේහ්යුන්ව වඩාගෙන හොස්පිට්ල් එකට ආවා කියලා. "

ටේහ්යුන්ට ඒක ඇහුණම නිකන් මොකක්ද මොකක්ද වුණා වගේ.

" යා ජන්ග්කුක් මොකක්ද කිව්වෙ. කවුද මාව වඩා ගෙන ආවා කිව්වෙ. "

" වෙන කවුද. ඔයාගෙ ආදරණීය ඩොක්ටර් යුන්ගි තමා කොල්ලෝ. "

ජන්ග්කුක් ටේහ්යුන්ට ඇහැකුත් ගහලා කියද්දි යුන්ගි ජන්ග්කුක් දිහා බැලුවෙ මුට පිස්සු හැදිලද කියලා.

" හරි හරි ඒක නෙමේ. ජන්ග්කුක් ඔයා සෙමීවත් එක්කන් එළියට යන්න. මට මේ මහත්තයත් එක්ක කතා කර ගන්න පොඩි දෙයක් තියනවා. "

" අනේ බෑ. මට මගේ ටේහ්යුන්ෂි ගාව ඉන්න ඕනි. "

" හරි හරි මට විනාඩි පහක් දෙන්නකො. ඊට පස්සෙ ඇවිත් එයාව බලන්න. "

- Coma - (✓)Where stories live. Discover now