ලාවට හිරු එලියා කාමරේට වැටෙද්දීම ටේහ්යුන්ට අම්මා මුත්තා සිහි උනා.
මොකාද යකෝ ලයිට් දාපු එකා!!
ටේහ්යුන් හිතින් බයින ගමන් ම ඇස් දෙක ලාවට ඇර ගෙන බැලුවේ වට පිටේ. තමන්ගේ පපුව උඩින් වෙනදට නොදැනුනු බරක් දැනුන හින්දා පල්ලෙහා බැලුවහම දැක්කේ මේ ලෝකේ හැම පිරිමියෙක්ම වගේ දකින්න කැමති දසුනක්. තමන් මේ ලෝකේ පනටත් වඩා ආදරේ කරන කෙනා මෙහෙම පපුවට ගුලි ගැහිලා ඉන්නකොට මොන පිරිමියෙක්ටද ආදරේ හිතෙන්නෙ නැත්තේ ?. තමන්ගේ නිදහස් අතකින් එයාගේ බේබිගේ මූනට වැටිලා තියෙන කොන්ඩේ හදන ගමන් නලලට උනුසුම් හාදුවක් දුන්නා.
🐰ම්ම්ම්....
ටේහ්යුන් ගේ ලැබුනු උනුසුම් ස්පර්ශයත් එක්කම ජන්කුක් ඇස් දෙක ටිකෙන් ටික ඇරලා බැලුවහම දැක්කේ එයාගේ දිහා බලන් ඉන්න හීනී දිගටි ඇස් දෙක. ජන්කුක් ටේහ්යුන්ගේ ඒ දිග ඇස් දෙකට කිස් දෙකක් දුන්නේ ටේහ්යුන්ගේ මුවේ ආදරනීය හිනාවක් ඇදෙද්දී.
🐯 ගුඩ් මෝනින් ලව්
🐰ම්ම්ම් ගුඩ් මෝනින් හියුන්...
ජන්කුක් නිදිමත ස්වරයෙන් කියලා ආයි ටේහ්යුන්නේ ඒ පලල් පපුවට ගුලි උනා.ටේහ්යුන්ගේ මුහුනේ සිහින් සිනහවක් ඇදුනේ ජන්කුක්ගේ හුරතල් කමට. එත් ඉතින් මාෆියා ලොකේදි හුරතල් කම කැලේ.
🐯ලව් නැගිටින්නෙ නැද්ද ම්ම්?
🐰ම්හුක්...
🐯ඔය ඉතින්...
ටේහ්යුන් ජන්කුක්ගේ කොන්ඩේ අතරින් එයාගෙ දිග ඇගිලි හිමීට ගෙනියනකොට කවුරු හරි ඇවිල්ලා දොරට තට්ටු කලා.
🐹 Jk නැගිටින්න
.......
🐹Jk......??
........
🐹Jk තමුසෙ නැගිටිනවද නැද්ද 😑
ජින් හියුන් ඇවිල්ලා අපිට කතා කරේ මාෆියා ලෝකෙදි පාවිච්චි වෙන නම් වලින් පලවෙනි වතාවට හොදින් කතා කරත් ජන්කුක් ටේහ්යුන්ගේ පපුවට ගුලි උනා. දෙවෙනි වතාවෙත් ගනන් ගත්තේ නැ. තුන් වෙනි පාර ජින් ගේ මල දෙපිටින් ගිහින් කතා කරහම ඔන්න ඔන්න ඇද උඩ දිගා වෙලා නහයත් පොඩි කර කර කතා කලා. මේ හැම දෙයක් දිහාම ටේහ්යුන් හිනා වෙවී බලන් හිටියා.