02

840 148 36
                                    




රං...... රං.. ....පුතා.... වොශ් දාගන්න.. ටවල් එකක් ඇති තියලා....

හරි ලොකු අම්මා.......

මන් කාමරේ ඉදන්ම කෑගහලා ටවල් එක කරට දාගත්තා... හැමදේම අලුතින් පටන් ගන්න හදන්නේ... මගේ මුලූ ජීවිතේම වෙනස් වෙයි... මන් හරි ආසයි මේ වෙනස් වීමට.....

හප්පේ රං නලුවෙක් වගේ....

කට පුරා හිනා වෙන ගමන් ලොකූ කියුවේ මන් කොට ශෝට විතරක් ඇදගෙන ටවල් එකෙන් කොන්ඩෙත් පිහි දදා එළියට එද්දි........ මේ හිනාව මන් දකින්න කොච්චර ආසද... අපි දෙන්නා විතරක් ඒ චූටි ගෙදර තනි වෙද්දී ලොකූ ඒ හැමදේකම වගකීම නොදැනිම ගනිද්දි.. මාව ලොකූට කොච්චර වදයක් උනත් මන් හැමවෙලේම මේ හිනාව දකින්න මට කරන්න පුලුවන් හැමදේම කලා... වැඩ කරලා මහන්සි වෙලා හවසට ගෙදර එන්නේ හරියට පිරිමියෙක් වගේ.... තිබුනු ලදරම් ෆුට් සයිකල් එක පැදගෙන මන් ලොකූ එනකන් පාරට වෙලා බලාගෙන හිටිය දවස් වල ඒ මූනේ හිනාව නොදැනිම වැඩිවෙනවා මන් දැකලා තියෙනවා.. රං.. අද ගොඩක් වැඩ කලා කියුව දවසට ඒ උරහිස් මන් මසාජ් කරන්නේ සේරම වැඩ පැත්තක දාලා.. ඒ කරලත් මහ රෑට ලයිට් දාගෙන ලොකූ පාඩම් කරනකොට මාත් පොත් උස්සන් ගිහින් ලොකූ එක්කම පාඩම් කරා... මගෙන් ටික ටික ඈත් වෙන්න හැදුවත් මම ලොකූගේ අස්සෙම හැමවෙලේම රිංගුවේ බැනුම් අහගෙනමයි.. කොච්චර බැන්නත් උදේ පාන්දර තුනට හතරට නැගිටගෙන මහ ලොකු අම්මන්ඩියෙක් වගෙ මොනවමහරි උයලා නින්දේ ඉන්න මගේ ඔලුව සීරුවට අත ගාන ගමන්..
රං.. ලස්සනට ජීවත් වෙන්න ඕන කියලා බිඳුනු කටහඬෙන් මුමනනකොට... මන් බොරුවට නිදි වගේ උන්නා.. කවදාවත් ලොකූගේ ලස්සන ඇස් අඬනවා දකින්න මට ඕන උනේ නෑ.....

මන් හිමින් සීරුවට කාමරේට ආවා.... අපේ ගම තරම් ලස්සන නොවුනත් ඊට වඩා දහ ගුනයකින් මෙහේ දියුනුයි... එහේ මිනිස්සු දුම් පිඹ පිඹ තාම දර වලින් කෑම උයනවා.. ඒකට මෙහේ දැන් ප්‍රෙශර් කුකර්.. ඒ අතින් ගම් වල මිනිස්සු හරි පව්... 

රං... කන්න එන්න...

ලොකු අම්මා කතා කරද්දි මන් ඉක්මන්ටම ආවා.. මොකද පලවෙනි දවසෙම මුරන්ඩු කම් කරලා ලොකු අම්මට මාව එපා කරවන්න මට ඕන උනේ නැ... මන් එකපාරින්ම ආපු නිසාද කොහෙද ලොකූගේ ඇස් ලොකු වෙලා... ලොකූ කටේ බත් පුරෝගෙනම මගේ දිහා බලන් ඉන්නවා.. ලොකූ කවදාවත් නැතුව මට කලින් කාලා.. මගේ පපුවේ කොහේදෝ පැත්තක් හීනියට කැක්කුම් දීගෙන ආවා... හැමදාම එකට කන්න අපි පුරුදු වෙලා හිටියා.. අලුත් ජීවිතේ !! මගේ ඔලුවට ආයෙත් ආවා.. අද ඉදන් පටන් ගන්නවා...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now