3️⃣7️⃣🦄

626 127 79
                                    

##########


එක දිගට දවස් ගෙවිලා යන්න ගියා...



ආයෙත් සෙනසුරාදා......මේ දවස් දෙකේ සදැස් මුලු දවසෙම මීට් එකට වැඩ.. හවුස් එකේ මොකක්ම හරි වැඩක් එයාට කරන්න වැටිල තිබ්බා... ඇරකුම් එකේ බකුසු ක්‍රීඩා නායකයා.. හවසට විතරක් රංව දාන්න පේන්න එනවා.....මගේ සඳූගේ ඒ ඇස් වල බකුසු බැල්ම එක්ක තද දුබුරු ඇස් දිලිසෙන්න ගත්තේ පුරුදු විදියටම....



මළවිකාර හුම්...!!




අද දවසෙම පන්ති... හවස පහයි කාල වෙද්දි මන් ක්ලාස් එකෙන් එළියට ආවේ ඕශිගේ කරේ එල්ලිලා... ජබ්බ කේශර එක්ක බර කයියක... එකම රෑනේ කුරුල්ලොනේ සමන්ත..!!



ළමයි අස්සෙන් පඩිපෙල බහිනකොට පෙනුනේ ක්ලාස් එක ඉස්සරහ කඩේ ළගට වෙලා බයික් එක නවත්තන් ඉන්න සදැස්... ඇති යන්තම් අද නම් පන්ති ගිහිල්ලා.. ගොපලු යකා.. මන් හිතුවේ අදත් මූට හවුස් එකේ වැඩක් වැටේවි කියලා හිච්චි පැරකුම්බා..!!





" ඕශි අරූ පොඩ්ඩක් නවතින්නලු... "




මායි ඕශියි පාර පැනලා එහා පැත්තට යන්න යද්දි ජබ්බා අපි දෙන්නව නවත්තගත්තා...


" මොකෝ.. !! "


මට කලින් ඕශි අහද්දි මාත් ඇහැ දැම්මෙ ජබ්බගේ පැත්තට.. කඩි ගුලක් ඇවිස්සුනා වගේ ළමයි ටික එහාට මෙහාට යනවා... ඒ අස්සේ සමහර කෙල්ලොන්ව පරිස්සම් කරන්න ආපු සුදාත්තිලා ඉන්නවා...අනේ අනේ පිත්තු කොල්ලෝ...


මිනයි බූලුයි එතන එකෙක් එක්ක බර කයියක්... ඕශි මගේ අතින් ඇදන් පැත්තකට යද්දි මාත් ඌ පස්සෙන්ම ඇදිලා ගියේ සදැස් ලොකුවටම සාකාච්චා ව කරගෙන යද්දි... එපාර කියාවිද දන්නෑ සමන්ත.. උබ කියන්නැතුව ගියේ මොකද චූටි අරකද මේකද කියලා...

ඒත් මොකෝ කේශරයා කොහොමත් අපිට රයිස් එකක් ණයයිනේ.. මූ ඒක දෙන්න යනවා ඇත්තේ..විනාඩි ගානක් යාවී නේත සමන්තෝ... දවල් ක්ලාස් එකට කේශරයා හිටියේ නෑ ඌ ආවේ හවස එකට.. ඒනිසා දවල්ට කෑම කන වෙලාවට සෙට් උනේ මායි ජබ්බයි ඕශියි විතරයි..







" හරි උට්ටක් යකෝ..!! "







කේශරයා එකම තැන පිස්සෙක් වගේ ඇවිදිනවා.. මූට චූ බරක් ඇවිත් ද සමන්ත කිමද මේ අසහනය....?? මන් ඕශිගේ කර උඩින් වැලමිට තියාගෙන බලන් හිටියේ කේශරයා දිහා... ඕශිත් මූන ඇඹුල් කරන්.. ඌ වේලාසනම ගෙදර යන මනුස්සයනේ.. ඒකත් මිනා එක්ක වලියක් දාගෙන.. චූටිම චූටි හිච්චි වලියක් නේත සමන්ත... මොකක්ම හරි එහෙකට උන් බොරුවට රණ්ඩු වෙනවා.. මොකත මන්තා නේත සමන්ත.. මොනවහරි දලු ලනවතෝ මන්තා.. මිනා ධන ඕශි... වූ...වූ...!!!




The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now