1 0 0 🎊️

498 105 223
                                    


හයිවේ එක්සිට් එකෙන් එළියට ආපු මුහුදු නිල් කොල පැහැ ජීප් එක මුහුදට ළගින් පුරුදු මං තීරුවල වේගෙන් ඇදී එන්න ගත්තා...

පුරුදු පාරට ආපු ගමන්ම වෙන ලෝකෙක සැරි සරන හොඳම යාලුවා දිහා බලපු මේඝ මෙන්දිය.. ආයෙත් ඉස්සරහා බලාගත්තේ කලර් ලයිට් වල කොල එළිය වැටුන නිසා.. මේ පාරවල උන් නොහිටපු තැනක් නැතුව ඇති.... අඩියෙන් අඩියටම තිබුනේ අවුරුදු ගානක මතක ගොන්නක්.. මාස අටකට කිට්ටු වෙන්නම හොස්පිට්ල් ඇදක හාන්සි වෙලා ඉදපු බවට සලකුනක්වත් ඒ රූපේ තිබුනේ නෑ... රැවුල් කොට වැවුනු රත්තරන් පාට මූන.. මස් පිරුණු බාහු.. පිරුණු පපුව.. බෙල්ල ළගටම දිග් උනු ඝන  කලු පාට කොන්ඩේ.. ඒත් ඒ තද දුඹුරු ඇස් එයාලව පහු කරගෙන වේගෙන් ඇදිලා යන වළාකුලු දිහා බලාගෙන හිටියා... හැඟීම් ගොන්නක් ඒ ඇස් අස්සෙ හැංගිලා ගිහින් කියන සාක්ශිය  දුඹුරු ඇස් වල  බැඳුනු කඳුලු පටලේ පෙන්නලා දුන්නා..  මතක ගොන්නක් වගේම ආපස්සට ඇදෙන හිත... කාලය එයත් එක්කම නොනැවතුන එකට වෛර කලා...

චූටිම කාලේ ඉදන් අද වෙනකම්  එකට ඉදපු තමන්ගෙම සහෝදරයා උනු සදැස්ගේ හිතේ තියෙන දේවල් එකින් එක තෝරගන්න මිනාට ටිකක් අමාරු ඩියුටියක් උනා..  හැමවෙලේම ඌ හැඟීම් හංගන්න හරි දක්ශයෙක්..

ඒත් ඒ පිට මිනිස්සු ළග විතරයි..

මේඝ මෙන්දිය සුභසිංහ ළග නෙවෙයි..!!

බූල් යකෙක් හැබැයි ඒ මිනාට නෙවෙයි...!!

ආදරේ ළග පරාද උනු වෙලාවේ බූල් එයා වෙනුවෙන් ඉස්සරහට අඩිය තියපු හැටි.. චූටි එයා වෙනුවෙන් හයියට හිටපු හැටි... එදත් හොස්පිට්ල් ගානේ ගාටන්න උනේ මේඝ වෙනුවෙන් වලියට ගියපු බූල් නිසාමනේ.. පරණ මතක අස්සේ ගිලුනු මිනා සඳැස් ලවන්‍ය ගැන දැනුනු දෝරේ ගලන  සෙනහසට.. බූල්ගේ වැවිලි තිබුනු දිග කොණ්ඩේ නිදහස් අතින් අවුස්සලා දාලා දිග කන් පෙත්තකින් ඇද්දා....




" මිනා තොට අසහනේද පකෝ..!! "



බූල් රවාගෙන අහද්දි මිනා කට ඉරක් කරගෙන ඒ හීනි ඇස් ලොකු කරලා තොලේ කොන පොඩ්ඩක් උස්සලා බූල් දිහා බැලුවා..

" මේ සිරිමත් පගයාගේ කට වෙනස් කරන්න කියලා ඩොක්ටර්ට කියන්න බැරි උනානේ..ඩබල් ශිට්..!! "

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now