16

672 133 52
                                    


❤😻

මන් ටවුන් එකට ඇවිත් සති ගානක් ගෙවිලා ගියා... මේ දවස් ගානට බකුසුයි මායි ගොඩක්ම ෆිට් උනා.. ඒ හැමදාම හවසට මන් බයික් එකේ එන නිසා... නැතුව ඉතින් කෝම ෆිට් වෙන්නද...

මන් එදායින් පස්සේ මලිතවත් ආපහු දැක්කේ නෑ... දවස් ඔහේ ගලාගෙන ගියේ ගාල්ලේ ටවුන් එක මට ගම වගේම හුරු වෙද්දී... අලුතෙන් පන්ති ගියපු මට පාරවල් හුරු කලේ සදැස්... ඒ අතින් නම් බකුසු ඇත්තටම සුපිරී.... දැන් එයාගේ යාලුවොත් මාව දන්නවා... නේද සමන්ත...

"අම්මෝ මට බෑ ඕශී..."

උදේ ඉදන්ම පොත් අස්සේ නෝට් ලියපු මම අතේ පයේ හිරි ඇරලා එහා පැත්තේ ඩෙස්ක් එකට ඔලුව ගහන් ඉන්න ඕශිගේ ඇඟට හේත්තුව දාගත්තා.. ආයෙත් සඳුදා දවසක්... සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ ලොකු අම්මා ගෲප් ක්ලාස් හොයලා මාව ඒවට දැම්මේ එතකොට තේරෙන්නැති ඒවා උනත් අහගන්න පුලුවන් නිසා... ඒ නිසා ස්කෝලේ දැන් මට වැඩ වැඩි උනා.. මන් වැඩ කරන්නේ ස්කෝළේ ඇවිත්... අනේ ලොකූ.... මට බෑ ලොකූ....

එක දිගටම වැඩ... මහ වේදනාවක් සමන්ත..... උගේ කිරි කෝපි නිසා තමයි මන් මේ අල්ලන් ඉන්නේ...

අද අපේ මිස්ලා දෙන්නෙක්ම සෙමිනාර් එකකට ගිහින්... ඒක නිසා අන්තිම පීරියඩ් හතරම හිස්.. මන් පොත් ටික ඇතුළට දාගන්නවත් එක්කම නල්ලෙයි ජබ්බෙයි කොහේදෝ ඉදලා පන්තියට ආව.. ඉතුරු පීරියඩ් තුනත් හිස්නේ ඉතින්...


"ඉවරයි නම් එළියට යමන්කෝ පූ.."


නල්ලේ ඕශිගේ වතුර එක අරන් බොනවා... ඌ තලපතා වගේ ඩෙස්ක් එක උඩ නිදි.. එහෙම් ජබ්බා මට කියනවා.. මූ කෑම කනවා විතරයි දැක්කේ.. මන් තනියෙන් නිසා ඕශි නැවතුනා.. මුන් දෙන්නා ගියා වට වන්දනාවේ.. ආයෙත් යන්න කථාව...

ඕශි හොඳටම නිදි !!

ඕශිගේ මූනට තට්ටු කරපු නල්ලේ මගේ නිල් පෑන අරන් අරූගේ මූනේ රැවුලක් ඇන්දා... හරි අපූරුයි නල්ලේගේ කලා හැකියාව... ඌ ඇදලා ඉවර උනා විතරයි... ජබ්බා..!!

"ඕ...ශී... ඕ...ශී ඕ...ශි....!!!!!"

ඌ ලෝකේ පෙරලන් එනෝ වගේ ඕශිගේ පිටට තට්ටු කරලා කෑගහලා නැගිට්ටුවා..
ඕශී ඌත් මුන්ටම හරියනවා... ඌ දඩ බඩ ගාලා අත් දෙකත් ගසා දාලා නැගිටලා යමන් කියුවම.. නල්ලෙත් කිසි දෙයක් දන්නෑ වගේ උගේ කරට අත දාගෙන එළියට යද්දි මාත් උන්ගේ පස්සේ දිව්වේ හිනාව කාගෙන... යාලුවා උනාට පොඩි ආතල් එකක්නේ සමන්ත...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now