උදේ හයයි...තාමාත් යාන්තමට තද නිලක් ගත්ත අහසේ ඈතකට වෙන්න අඬ හඳ පායලා තියෙද්දි මං මකුළු මැට්ටෙන් හදලා තිබුන පුංචි පැල්පතේන් එළියට බහින්න ලෑස්ති උනා...
ඤාව් ~
ඒ සද්දේට මං දොර වහන එක ටිකකට පස්සට දාලා බිමට ඔලුව පහත් කරා...
හැමදාමත් වගේ අදත් එළියට බහින්න හදනකොට මගේ ගමන මොහොතකට නවත්තලා මගේ කකුලේ ඇතිල්ලි ඇතිල්ලි හුරතල් වෙන්න ගත්තේ කටු ගාලක හිර වෙලා දවසක් මං පණ කෙන්ද බේරුව ඒ කිරි පාට බලල් තඩියායි...
එදා ඉදන් ඌ නිත්‍යානුකූලව මගේ පුසා උනා...
ඌගේ පාට නිසාම මං ඌට කිව්වේ සූකිරි කියලා...
" මොකෝ මේ ? බඩගිනි ද උබට ? "
මටත් ඉතිං ඊට වඩා එහා රාජකාරිය නැහැ වගේ බිම ඉදගෙන ඌව ඔඩොක්කුව උඩට අරගෙන ඒ රෝම දිගේ අත ගෙනිද්දි ඒ තාලේටම ඇඟ නටව නටව හිටිය මගේ සූකිරි හරියට මං කියන එව්වා තේරෙනවා වගේ ආයේත් කෑගැහුව්වා...
" ඔහොම ඉදින්...අම්මා වලව්වෙන් දංකුඩ ටිකක් හරි අරන් එවී නේ හවහට...එතකොට අපි බඩ පිරෙන්න කමූ...හොඳද ? අනේ මන්දා බං...මං නිසා උබටත් හාමතේ ඉන්න සිද්ද වෙලා නේ..."
මේකා බඩගිනි උනාම හූනෝත් අල්ලන් කනවා නේද කියන එක අමතක උන මං ඒ සුට්ටන් නහය මැද්දට හාද්දක් දීලා කතා කරේ අවංකවමයි....
මට ඇත්තටම දැනුනේ මහ කලකිරිච්ච හැඟීමක්...වේලාවකට මේ හුන්ඩුව වගේ ගේ කෑල්ලට මේ පූස් තඩියාව ගෙනත් කරේ වැරැද්දක්ද කියලාත් හිතෙනවා...කලින් කිව්වාත් වගේ බඩ ගෝස්තරේවත් හරියට නොලැබෙන මං නිසා මේ අහිංසක සතාත් බඩගින්නේ....මගේ ශරීර කුඩූව වගේම කටු පෑදිච්ච ඇඟක් තිබ්බ සූකිරී එදා කටු පඳුර අස්සෙන් බේර ගත්ත එකට කලගුණ සලකන්නද මන්දා හාල් මිටක්වත් හොයා ගන්න නැති අපේ ගෙදර දාලා අද වෙනකන් කොහෙවත්ම නොගියා.....
අන්තිමට මං සූකිරිව බිමින් තිබ්බා..මුලු ඇඟේම බූල...කහ ගැහුන නිල ඇඳුම නිසා අතරින් පතර මගේ සූකිරිගේ සුදු පාට මයිල් ගස් ඕනාවටත් වඩා කැපිලා පේනවා...
YOU ARE READING
තුහින || Thuhina ( taekook nonfic )
Non-Fictionමා මත් උනි...ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රා...