3 වෙනි දිගහැරුම

634 128 155
                                    

" එනවාද මගෙත් එක්ක අසම්මතෙන් පිට යන්න..."

මාව එකපාරම ගැස්සිලා ඇහැරුනා...ඇඳිවතත් තෙත් කරගෙන පිට දිගේ සීතල දාඩිය බිංදු කිහිපයකුත් ගලාගෙන යනවා මට අඬ නින්දෙන් උනාත් දැනුනා.....එහෙන් පපුව එකසිය ගානට ගැහෙන්න පටන් ගත්තා....

දැක්ක හීනේ අදහ ගන්න බැරි වෙච්ච තැන මං වට පිට පොඩ්ඩක් විපරම් කරලා මං හරියටම ඉන්නේ කොහෙද කියලා සැක හැර දැන ගන්න ලෑස්ති උනා...

මං හිටියේ බිම එලාපූ පැදුර උඩ...පැත්තකින් භුමි තෙල් ලාම්පුවත් පත්තු උනේ තාමාත් පාන්දර බව මට තේරුම් කරවලා....

මං හිටියේ මගේ ගෙදර කියලා අවබෝධ උනායින් පස්සේයි මගේ හිතට සහනයක් දැනුනේ...

මොකක්ද හත්තිලව්වේ මං දැක්ක ඒ නරක හීනේ....මට දැනුනේ නිකන් හාමූ මගේ කන ලඟ ඉදන් ඒ වචන ටික ආයේත් සැරයක් මුමුනවා වගේ....

කලින් රෑ ගැන මං මතක් කරන්නත් අකමැත්තෙන් හිටියේ....හාමූ මාව එයාගේ අත් අස්සේ හිර කරන් කිව්ව කතාවට මං ඇත්තටම තිගැස්සුනා....ඒ වේලාවෙදි ඒ මුහුනේ ඇදිච්ච ඉරියව් පවා මට මහ අමුතු කතාවක් කිව්වේ....

මගේ කම්මුල් ආයේ ගිනි ගහන්න ගත්තා....

මං ඒවාට රිදෙන්නේ නැති වෙන්න පාරවල් දෙක තුනක් ගහගෙන ඔලුව ඇතුලේ සැරෙන් සැරේ සක්මන් කරන හාමූගේ වචනයි ඒ කලු පාට ගැඹුරු ඇසුයි මඟ හැර ගන්න උත්සහා කරා....

" ...මොකෝ මේ උදැහෙනෙම නැඟිටලා ? "

අම්මා පිට මැද්දේ කඩා දාලා තිබ්බ කොණ්ඩේ අරන් ගෙඩිය ගහ ගන්නකොට මාව ආයේත් ගැස්සුනා....

තාමාත් මං හිටියේ දැක්ක හීනෙ අස්සේ...ඉන්නේ ගෙදර කියලා දැන දැනත් මට දැනුනේ මං තාමාත් ඉන්නේ හාමූගේ කාමරේ , හාමූගේ අත් දෙක අස්සට මැදි වෙලා කියලා....

මං හයියෙන් ඔලුව කහගෙන කහගෙන ගියා...

" ඉබේම නැගිට්ටුනා අම්මා...වලව්වට යන්නද ? "

" ඔව්..ආඃ කහට එකක් වක්කරලා ඇති...බෝතලේ තියෙන හකුරු ටිකත් එක්ක ඒක බීලා ඉදින්...ඊයේ රෑ කන්නත් නැතුව නේ නිදියගෙන හිටියේ..."

තුහින || Thuhina ( taekook nonfic )Dove le storie prendono vita. Scoprilo ora