" ශාක්‍ය...!!! "
මාව වෙව්ලලා ගියා...ඈත් වෙච්ච තිර රෙද්ද අතරින් අගස්ති මාල දාපූ , රත්තරන් පාට බෝඩරයක් ගිය සුදු ඔසරිය දකිද්දි මට උන් හිටි තැනුත් අමතක උනා....
මගේ බඩට හේත්තු වෙලා හිටිය හිච්චි හාමූ හිටියේ දොර ගාව හිටගෙන මං දිහා මරාගෙන කන තරමේ බැල්මකින් බලාගෙන උන්න ලොකු ලමාතැනීට පිටුපාලා වෙද්දි අර හාමූගේ නපුරු බැල්මට මුල් අයිතිකාරිය උන ලමාතැනිගේ මුහුන හරි කෙලින් බලන්න බැරි උන මං කෙල ගුලියක් ගිල්ලා....
මං බැරිම තැන හාමූගේ උරහිස අල්ලලා මිරිකුවා....ඒත් හාමූ නෙමෙයි අඩුම ඉන්න විදිහෙන්වත් හෙලවුනේ....එයාට ලමාතැනි කාමරේට ආපූ විත්තියවත් ගානක් නැති උනා...
" මොකක්ද උබ ඔය කරන්නේ අහ් !! උබ කවදා ඉදන්ද උබට වඩා කුලෙන් බාල එවුන්ව කර උඩ තියා ගන්න පුරුදු උනේ...! මං කියලා තියෙනවා...මං එදා ඉදන්ම උබට කියලා තියෙනවා තත්වෙට වඩා පහත් එවුන්ව අතේ දුරින් ආශ්‍රේ කරපන් කියලා....ශාක්‍ය මං උබටයි කතා කරන්නේ...හැරියන් මේ පැත්ත !! "
" මට මගේ පාඩුවේ ඉන්න දීලා අම්මණ්ඩි මෙතනින් ගියෝත් බොහොම හොඳයි..."
" යන්න ? මං යන්න ? උබ කට වහගෙන ඉදපන් ශාක්‍ය....එතකොට තෝ..! අයින් වෙයන් මේ දැන්ම හිච්චි හාමූගේ ඇඟෙන්...ආවා මෙතන මඟුල් නටන්න...ඈ යකෝ...තොටත් කොහෙන් ආව හයියක්ද හාමූගේ ඔලුව අත ගගා ඔහොම තුරුල් කරගෙන ඉන්න...මං උබව දැන් කාමරේට එව්වේ වල්කම් කොරන්නද....පලයන් මේ දැන්මම කාමරෙන් එළියට...වැඩකාරයෝ ඉන්න ඕන වැඩකරයෝ විදිහට...."
YOU ARE READING
තුහින || Thuhina ( taekook nonfic )
Non-Fictionමා මත් උනි...ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රා...