" මා පුතා...මේක සූනීයම් දෙයියන් වැඩහිටින භූමීයක් නේ...මස් මාංශ අකපැයි...පිලි ජාති ඉව්වොත් උන්වහන්සේ කෝපාවිශ්ට වෙයි මයේ රත්තරනේ..."
" ඔව් ඔව්...උන්වහන්සේ නේ දැන් ගෙදර ගෘහ මූලිකයා...දොට්ට පිලට බහින්නත් උන්වහන්ගේ අවසර ඕනෑ...මොකක්ද අම්මණ්ඩි මේකේ තේරුම...උඳුවප් පෝයෙන් පස්සේ කරෝල කෑල්ලක් ඇහැකට දැක්කේ නැහැ.....මසක් මාළුවක් නැතුව මෙහෙම හැමදාම හරකෙක් වගේ එලොලුයි බතුයි ගිලින්න පුලුවන් ද...? "
" අහ්...අහ්...කට පරිස්සමින්....උන්වහන්සේට නිගරු කරොත් රෑට හීනෙන් බය කරනවාලු..."
" අම්මණ්ඩි හිතන්නේ ඔය කියන දෙයියා මෙහෙ ඉන්නවා කියලාද...."
" නැතුව ඉතිං...ඒක නේ මා පුතාට මේ පාර මඟුලත් හරි ගියේ..."
" මඟුල හරි ගියේ නම් සුනියම් දෙයියන්ට පින් සිද්ද වෙන්න නෙමෙයි....අම්මාණ්ඩි අර වලව්වට ගිහින් ඇදබාපූ කෙබල් වලට පින් සිද්ද වෙන්න....ඇරත් මෙහෙ ඇති දෙයියෙක් නැහැ...මොකද අම්මණ්ඩිත් කිල්ලට අහු වෙලා තියෙන්නේ..."
" මං දැන් කිල්ලට අහු වෙන්නේ නැහැ..."
" ඔය වයසේ බවලත් උදවිය කිල්ලට අහු නොවෙනවා නම් එහෙනම් ඇයි දළදා පෙරහැරට වයසක ගැහැනූන්වවත් අර ගන්නේ නැත්තේ....කොහොම උනාත් මට එව්වා වැඩක් නැහැ...මට කොහෙන් හරි ගම් බිත්තරයක් හරි අරන් එන්න...නැත්තම් මේ බත් ටික ඔහොමම කුණු කූඩේට විසි කරන්න...."
BINABASA MO ANG
තුහින || Thuhina ( taekook nonfic )
Non-Fictionමා මත් උනි...ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රා...