අද සඳුදා....
සුපුරුදු පරිදි පාන්දර ඇහුන අම්මාගේ ඝෝශාවට මං ඉස්කෝලේ යන්න නැඟිට්ටත් මට වෙනදාට වඩා සීතලක් අද ඇඟට දැනුනා....ඇස් දෙකෙනුත් ගින්දර පිට වෙනවා වගේ....මං බොහෝම අමාරුවෙන් ඇස් දෙක ඇරලා ඊයේ රෑ ගලවලා පැඳුර කෙලවරින් තිබ්බ කමිසේ දාගෙන රෙද්දකුත් ඇඟ වටේ පොරවන් හෙමීට බිමින් නැගිට්ටා...
මං එහෙමම ආවේ කුස්සියට....එතකොටත් අම්මා කඩා දාලා හිටිය කොණ්ඩේ මැද්දෙන් පනාව ගහන් මොනා හරි හොයනවා....
" අම්මේ..."
මං කුස්සියට ඇතුල් වෙන තැනේ ඉදන් අම්මාට කතා කරලා එතනම තිබ්බ බැම්ම උඩින් වාඩි උනා....
" අහ් නැගිට්ටාද...? ඒක නෙමෙයි මං උබෙන් අහන්න හිටියේ...කෝ බං අර ඊයේ හාමූ දුන්නායි කිව්ව බූන්දි ටික....මං මේ ඒ ටික හොයන්නේ..."
" ඒ ටික මං කෑවා නේ...."
" ඈ...උබ මල්ලම ගිල්ලාද ? "
" ඇටේ ඇටේ කනකොට දන්නේම නැතුව සේරම ගිලුනා නේ..."
" හරි ශෝක්....තනියම ගිලිනවාද බං ඒ තරම් සිනී කන්දරාවක්...හදගනින්කෝ දියවැඬියාවත් ඔහොමම....ඔච්චර තමා නේ ඉතිං අඩු වෙලා තියෙන්නේ...හ්ම් මේක බීලා , පලයන් මුහුන හෝදගන්න..."
" මං අද ඉස්කොලේ යන්න ඕනමද අම්මේ ? "
" ඇයි යන්න කම්මැලිද ? "
" එහෙම නැහැ....ඇඟට නිකන් තෙහෙට්ටුයි වගේ..."
" ඒ මොකද එකපාරම..."
එහෙමම අම්මා තේ කෝප්පේත් එක්ක මං ගාවට ඇවිත් මගේ නලලට අත තිබ්බා...ආයේත් ඒ අතම මගේ බෙල්ලට ගෙනාත් නවතිද්දි මං බලාගෙන අම්මාගේ ඇස් දෙක ලොකු වෙනවා....
JE LEEST
තුහින || Thuhina ( taekook nonfic )
Non-fictieමා මත් උනි...ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රා...