4 වෙනි පරිච්ඡේදය 🌞 🌙

91 16 6
                                    

" භද්‍රා මට ඔබව එහි රැගෙන යා නොහැකි... "

" මන්ද.. ඔබ දන්නවා ඔබට පසු මේ වංශයේ වැඩිම බලයක් තිබෙන්නේ මට.. ඒ නිසා වංශ නායකතුමාත් මාහට යෑමට අවසර දුන්නා.. "

" නමුත් ඔබ ස්ත්‍රියක්.. පුරුශයින් තිදෙනෙක් හා ඔබ කෙසේ සිටින්නද "

" සිත්‍රී පුරුෂ භායවය මීට ගාවගන්න එපා.. මා සූර්යන්ට කැමති බව ඇත්ත නමුත් එය ආල හැගුමක් නෙවෙයි..මම ඔහුගේ රූප ස්වභාවය අගයනවා පමණයි.. විශ්වාස කරන්න මාව "

දේව මණ්ඩලයේ නේවාසික දේශන සදහා චන්ද්‍ර වංශයේ බලගතුම සිසුන් දෙදෙනා යැවීමට චන්ද්‍ර වංශ නායකයා තීරණය කරත් චන්ද්‍රන් තම නැගණිය රැගෙන යාමට අකමති වූවා.. ඇයි ස්ත්‍රියක් නිසා බව ඔහු පැවසුවාත් ඔහුත් දැනගෙන සිටියා වංශ දෙක අතර වැඩවලට ස්ත්‍රී පුරුෂ භාවය අදාල නැති බව.. ඔහුට සැබෑවටම අවශ්‍ය වූයේ ඇයව සූර්යන් අසලට රැගෙන නොයාමයි.. නමුත් ඔහුගේ උත්සහය අසාර්ථක කරමින් භද්‍රා ද ඔහු සමඟ ගමනට එක් වුනා..

චන්ද්‍ර වංශයේ උරුමකරු චන්ද්‍රන් හා ඔහුගේ නැගනිය චන්ද්‍ර වංශය නියෝජනය කරද්දී සූර්ය වංශයේ උරුමකරු සූර්යන් හා ඔහුගේ මිතුර භද්‍ර සූර්ය වංශය නියෝජනය කරමින් දේව මණ්ඩලයට පැමිණියා..

සූර්යන් හා චන්ද්‍රන් එකිනෙකා දිහා බලද්දි භද්‍රා සූර්යන් දිහාත් භද්‍ර භද්‍රා දිහාත් බලන් හිටියා.. චන්ද්‍රන් මේ සිදූවීමටත් වෛර කරද්දි ඔහු සූර්යන්ගෙන් ඇස් ඉවතට අරන් අහක බලාගත්තා..

' චන්ද්‍රන්ට මොකක් වෙලාද..පෙර දිනත් හොදින් සිටියනේ '

සූර්යන් තමන්ගේ සිතින් සිය දහස් වාරයක්ම ප්‍රශ්න කරද්දි දේව මණ්පයේ දොර ඇරිලා ඔවුන්ට මණ්ඩපයට පිවිසීමට අවසර ලැබුණා..

" සැරදේවා ස්වාමීනි !!! "

සැවොම එකටම දන නමා දෙව්තුමාට ආචාර කරා..

" ඔබ සැවොම සාදරයෙන් පිලිගන්නවා..

වංශ දෙකෙහිම අනාගතය ස්ථාවර කිරීමේ අරමුණින් ඔබට අවශ්‍ය සියලුම දැනුම ලබාදීම සිදු කරනවා..ඔබ සියලු දෙනාම ඒ සදහා උපරිම සහෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා..

සීතල ගිනිදැල් ❤💙 [ Nonfiction Sinhala BL | Ongoing ]Where stories live. Discover now