උදෙන්ම ඇහැරුනේ වෙනදට කලින් ඉස්කොලෙට ගිහින් පෝන් ගේන දහය වසරේ පොඩි පගයව අල්ලගන්න හිතන් ඒත් ඉතිම් ඇත්තටම ඊයෙ රෑ ටික වෙලාවක් මට නින්ද ගියෙත් නෑ....
බර්ත් ඩේ කාරයා අර දාලා තිබ්බ කමෙන්ට් එකට රිප්ලයි එකක් මන් දැම්මා කෙක් නැත්තන් ඉම්ස්පන්චි කාපන් කියලා ඒ සනිකව එකා ඉඩියට් කියලා රිප්ලයි කලාම මට ඌව මරන් කන්න හිතුනා මගුල සැක්.... මගෙ කරුමෙට ඒ එක්කම ඩේටා ඉවර උන හින්දා ඌට දෙකක් බැන ගන්න බැරි වුනා ඩේ ටයිම් ඉවර උනාට නයිට් ටයිම් තිබ්බ හින්දා 12 පහු වෙනකම් හිටියත් දන්නෙම නැතුව නින්ද ගියා තෙයියනෙ කියලා ඇහැරුනේ අම්ම උදෙ කතා කලාම තමා......කොම හරි පහට විතර නැගිටලා අම්මා කුස්සියේ උයන ගමන් හදලා දුන්නු තේ එකත් බිලා පෝන් එක ගත්තම දකින්න පුලුවන් සැලකිය යුතු පිරිසක් අරු ඉඩියට් කියලා දැම්ම එකට ලයික් කරලා.... සැක් පර මිතුරු කැල......
"අම්මා මන් අද හවස එන්න ටිකක් පරක්කු වෙයි ඇහ්......"
"එ මොකො ....."
"ක්ලාස් අම්මා සෙනසුරාදා තිබ්බෙ නැනෙ ඒක අද හවසට දාලා කෝමත් යූවෙන් අයියා එනවනෙ අරකිව ගන්න හවස් වෙන හින්ද ඒ එක්කම මන් එන්නම්......"
"පුතා එතකොට කැම...."
"ආහ් කඩෙන් කන්නම් අම්මේ........."
"ඔව් ඉතිම් කඩෙන් කන්න තියේ නම් ඊට වඩා දෙයක් නැනෙ උබලා දෙන්නටත්....."
"හී හී ඉන්න අනෙ නිකම් කතා නොකියා........"
අම්මටත් විහිලුවක් කරලා බාතෘම් එකට යන්න හැදුවත් දොර ලගට විතරයි යන්න පුලුවන් වුනේ.......
"කොල්ලො මෙහෙ වරෙන් හොදපන් තේ බිව්ව කෝප්පේ ඊයේ උදේ අහු වුනෙ ගිය සතියෙ බීම හදලා දාලා දුන්න කෝප්පේ ඇද අස්සෙ තිබිලා වරෙන් හෝදනවා මේක......."
"අනේ අම්මේ පස්සෙ හෝදන්නම් අනේ මට චූ බරයි අප්පා.......!!!"
තෙයියනෙ ඇද යටින් තිබ්බෙ පස්සෙ හෝදන්නම් කියලානෙ සැක් අමතක වුනානෙ යකෝව් ඒක......
මගෙ නිල් පාට බ්‍රශ් එකට ටූත් පේස්ට් දාලා හතර අතටම දත් ටිකත් මැදන් ඇගත් හෝදන් ලැස්ති වෙද්දි අම්මා හැමදාම වගෙ බත් එකක් බෙදන් ඇවිත් කැව්වා එයා ඔය ඉදලා හිටලා කැගැහුවට සුදු පුතාට හෙන ආතරෙයිනේ........
أنت تقرأ
ආයූ | AYUU | සිංහල Bl | Sinhala
غير روائيහැගීම් ලස්සන තිබ්බ විදියටම නැතුව ගලේ ගහලා අපුල්ලලා අරන් වචන කරලා දිග අරිද්දි..... "ආදරේ ලස්සනම වරක් ඇතුලින් මියැදිලා , ආයේ පණ ගහන මිනිස්සු ඒ ගැන කතා කරද්දි " යථාර්ථය විත් දොරගුළු කරකන තෙක් සතුට හත් ගව්වකය...... 💜️🪻