ආයූ...|09|

86 7 0
                                    

මන් යශ්මිත අයියා එක්ක ටවුන් එකට යද්දි එකයි හතලිස් පහ විතර වුනා... ඕල්‍රෙඩි පුන්චා දෙපාරක්ම අරන් ජාතිය ඇමතුවා ඉක්මනට වරෙන් කියලා....

"හරි ඔය කලර් ලයිට් එකෙන් දකුණට දාන්න..."

මන් යශ්මීත අයියට පාර කිව්වෙ බෝ ගහ ලගට යන්න පුන්චා එතන තමා බස් එකෙන් බැහැලා ඉන්නවා කිව්වේ.....

"මේ හරියේ නම් පාර්ක් කරන්න තැනක් නැ යුහන්ස පුන්චි මෙ හරියෙද ඉන්නවා කිවේ..."

"ඔව් ඔය ඉස්සරහා ඇති අවුරුදු නිසා නෙහ් මෙච්චර සෙනග....."

"ම්ම්ම්..."

මට සතුටුයි යකෝ යශ්මිත අයියට පයින් ගහලා උඩ පැනලා හිනා වෙලා කරනමක් ගහන්න තරම් හැපි පුන්චා කියන්නෙ මට යාලුවෙක් අක්කා කෙනෙක් දෙවනි අම්මා වගෙ කියන්න දෙයක් නැ මට පට්ටම හැපි.....

හුටා මේ මොකත මේ මෙච්චර කට්ටිය පිරිලා බෝ ගහ ලග..... ඒකට නම් පපුවත් එක්ක දාලා ගියා මගුල පුන්චා පෙන්නවත් නැනේ....

"මේ මොකද...."

"එකනේ රෙද්ද පුන්චි නැනෙ පෙන්න මේ නවත්තනවකො මෙතනිම් ඉස්සරහින් පාර්ක් කරගන්න මන් පුන්චිව අරන් එන්නම්...."

"පිස්සුද බහින්න එපා... කෝල් එකක් ගන්න පුන්චිට..... මෙතන වලියක් මන් හිතන්නෙ...."

මන් එහෙමම පුන්චිට කොල් එකක් ගත්තා.....

"ශිට් ආන්සර් කරන්නෙ නැ නවත්තපන් යකො මට බහින්න ඕන....."

මගුල මූ නැවැත්තුවේ නෑ ටිකක් ඉස්සරහට ගිහින් රහුමානියා එකට හැරෙන තැන් යශ්මිත අයියා කාර් එක පාර්ක් කරපු පමාවට මන් එහෙමම බැහලා දිව්වේ බෝ ගහ පැත්තට අරුත් පස්සෙන් දුවන් ආවා....

"යුහන්ස කලබල වෙන්න එපා ඔහොම නවතිනවා....."

මගුලක් කියනවා පුන්චි ෆෝන් එක ආන්සර් කලෙත් නෑ රෙද්ද....

මන් දුවගෙන ගියේ මිනිස්සු වට වෙලා මන් මැද්දෙන් පැනගෙන ඉස්සරහට ගියා.... ගැනු කට්ටියක් තව ගැනු ලමයෙක්ව වට කරන් වත්තම් කරන් ඉන්නවා පිරිමි කට්ටියක් තනි කලු ඇදගත්ත එකෙක්ට ගහනවා.... හු#ත මොකක්ද මේ වෙන්නෙ ඇයි පුන්චිව එයාලා අල්ලගෙන ඉන්නේ..... මන් කෙලින්ම ගියේ ගැනු කට්ටිය හිටි තැනට.....


"පුන්චි පුන්චි ඇයි මේ කියනවකො ඇයි මොකක්ද වුනේ....."

"සදී අපි අපි යන් ගෙදර මට යන්න ඕන.........."

පුන්චි ඉකි ගහනවා හැමදාම දකින හිනාව නැනෙ අනේ.... ඇයි ඇස් රතු වෙලා

"මට මොකක්ද උනේ කියන්න පුන්චි මන් මෙ අහන අන්තිම පාර නැත්තම් මන් මේ පාහරයව මරනවා...."

මගේ ඉවසිමේ රතු කට්ටත් පැන්නේ වෙච්ච දේ ටිකෙන් ටික තෙරෙද්දි පුන්චි ඇදන් හිටිය තනි සුදු ගවුමේ යටින් අල්ලලා තිබ්බ කලු පාට රේන්දේ බාගයක්ම ඉරිලා ........

"සදී තරහා ගන්න එපා හැමදේම හරී අපි යන්....."

පුන්චි මාව සන්සුන් කරන්න හැදුවට වැඩක් නැ මේ පරයව මන් මරනවා අද......

"මේ ගැනු ලමයට මෙන්න මේ අසහන කාරයා කරදර කරන්න හදලා පුතෙ අද කාලේ ගැනු ලමයෙක්ට පාරෙ බැහැලා ගමනක් යන්න නැනේ........."

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now