ආයූ...|14|

86 7 0
                                    

Hoba_gi®l:
රබර් කැලේට ඇතුල් වෙන තැන ඉදන් ගමේ නැටුම් කණ්ඩායම පෙරහැරෙන්ම ස්ටේජ් එක ලගට ආරාධිත අමුත්තන්ව එක්කගෙන ආවා..... පිලිවෙලට ලොකු හාමුදුරුවොයි , වලිසිංහ ඇමති තුමයි.. ග්‍රාමසේවක මාමයි... ප්‍රින්සිපල් සරුයි ආවා..... රබර් කැල්ල පටන් ගන්න තැන ලොකු කලු ජිප් එකක් බොඩි ගාඩ්ලාගෙන් වට වුනු...

  ස්ටේජ් එක උඩ මාත් එක්ක හිටියේ මහීශා නංගි අපි දෙන්නම මයික් අතේ තියන් බලන් හිටියේ ආරාධිත අමුත්තන්ට පනවලා තිබ්බ අසුන් වල එයාලා වාඩි වෙනකම්... ඒත් අතේ තිබ්බ ෆයිල් එකේ මොනවද පෙන්නන ගමන් මහීශා නංගි මාත් එක්ක කතා කලත් මගෙ ඇස් තාම නැවතිලා තිබ්බ කලු ජිප් එක ලග..... ජිප් එකට ඉස්සරහින් හිටන් ඉන්න මූණූ දෙක මට හොදටම හුරුයි ඔව් ටිරෝන් අයියයි දිනෙත් අයියයි.... ටිරොන් අයියා මන් එක්ක ලාවට හිනා වුනා... දිනෙත් අයියත් ලාවට හිනා වුනා මන් එහෙමම බැලුවේ වලිසිංහ ඇමති තුමා දිහා......

ඒ වෙද්දිත් වලිසිංහ ඇමති තුමාගෙ බැල්ම මගේ පැත්තට වැටිලා තිබ්බා..... ඒ මූනේ තිබ්බේ පුදුම මහන්තත්ත කමක්... මනුස්ස කමක් ගැවිලාවත් නැති මූණේ හිනා පොදක් තිබ්බෙ නෑ පේන මානෙක..... මන් දන්නෙ නෑ යශ්මිත අයියට තියෙන ප්‍රශ්නෙ මේ මනුස්සයා එක්ක.... වලිසිංහ ඇමති තුමා කියන්නෙත් සුදු රෙදි පොරොවගත්ත කලු චරිතයක් ඒක මුලු රටේම ප්‍රසිද්ධ රහසක්...... බාර් පර්මිට් කියක් නම් ඇත්ද.... පලාතෙම කුඩු බිස්නස් එක රන් කරන්නෙ ඇමතියා වුනත් අද වෙනකම් ඒවට කිසිම නීතියකින් සාදාරණයක් වෙලා නෑ... පොලිසිය කියන්නෙත් මේ වගේ බල පුලුවන්කාර කම් තියෙන උන් ලග නිකම්ම නිකම්ම වැටිලා ඉන්න කොන්ද පණ නැති නිකමො.... අපේ අම්මා මොකට මූ ලගම ජොබ් එක කරාද කියලා මට තාම හිතා ගන්න බෑ..... වලිසිංහගේ මොන වැරද්ද තිබ්බත් අපේ අම්මා හැමදාම කතිරේ ගැහුවේ මහේන් වලිසිංහගේ නමට ඉස්සරහින්..... ඒ දේවල් කොහොම වුනත් මන් ඉන්න තැනක අම්මා වලිසිංහ ගැන නොකියන්නේ ගෙදරදි අම්මා හොදාකාරවම දන්නවා වලිසිංහ කියන්නේ අපෙ ගෙදර මන් ඉන්න තැනක තහනම් මාත්ෘකාවක් කියන්න.....

මන් මයික් එක ඔන් කරගෙන මහීශා නංගිත් එක්ක ලාවට හිනා වෙලා ස්ටේජ් එකේ මැදට එනකොට මහීශා නංගිත් මන් එක්කම ඇවිත් මට එහායින් හිට ගත්තා..... අම්මා ස්ටේජ් එකට පහල ඉස්සරහා හරියෙම ඉන්නවා... ආච්චත් ඒ ලගම පුටුවකින් වාඩි කරවලා..... ම්ම් පුන්චා කිරි උතුරවන්න තියෙන එක ලැස්ති කරනවා ඇතී.... මන් ටිකක් ලොකු හුස්මක් අරන් ඉස්සරහා බලන් හැමෝ එක්කම හිනාවක් දැම්මා.......

ආයූ | AYUU | සිංහල Bl | Sinhalaजहाँ कहानियाँ रहती हैं। अभी खोजें