ආයූ...|12|

102 7 17
                                    

මොන මගුලක් වෙලාද සීවරම් දෙයිහාන්දුරුවනේ මෙ පගයට.... යකො මට අම්මගෙ මූන මැවිලා පේනවා පිලිවෙලට පුන්චා ආච්චා මාමා යුවේන්න් අයියා මගෙ අනික් බාගේ යකෝ මැරෙන්න ආසන්න මනුස්සයෙක්ට මෙහෙම වෙනවද..... මට මැරෙන්න බෑ යකෝ.... මගෙත් ට්‍රැක පනිනවා ඔන්න මගුල..........

"මේ තොට මැරෙන්න ඕන නම් තනියෙම් මැරියන් මාව බස්සපන් ඔතනිම් හරවන තැනිම්............"

මගුල මොන හුක් ඇයි මූ හරවන්නෙ නැතුව දිගටම නුවර පාරෙන්ම යන්නෙ මූ මේ මහ රෑ නුවර යන්නද.........

"යුහන්ස ඉක්මනට යුවේන්ට කෝල් එකක් ගන්න ඉක්මන් කරන්න........"

යකො මැරෙන්න කලින් උට වඩා මට අම්මට කතා කරන්න ඕන..........

"යුහන්ස කෝල් එකක් ගනිම් යකෝ........"

මන් හුටස් ගාලා කෝල් එක ගත්තා..... ම්හුක් ආන්සර් කල.........

"ආන්සර් කලා......."

"ස්පිකර් ෆෝන්....."

මන් චුස් ගාලා ස්පීකර් ෆෝන් දැම්මා..........

"යුවේන් මන් බන් ඉක්මනට වරෙන් හෙට වෙනකම් අදින්න බෑ..... ෆලොව් කරනවා මන් කිව්වා උබට ඉයෙම ඉවරයක් කරමු කියලා......"

මොන හුක් මොකාද ෆලොව් කරන්නෙ කො ඉස්සරහා නැනෙ මොකුත් වාහනයක්..... ඒ කියන්නෙ පිටිපස්සෙන්ද............ ඔව්නෙ ඉස්සරහින් ෆලොව් කරන්න විදියක් නැනෙ කොමත්..... මන් ශටර් එක ඇරලා එලියට හොම්බ එබුවා................

"යුහන්ස මගුලක්ද කරන්නෙ ඔලුව ඇතුලට ගනිම් ........."

මගුල මොකාද අර පස්සෙන් එන්නෙ බයික් එක්ක ෆුල් බ්ලැක් මූනත් කවර් යකෝ..... අම්මට යකො පිස්ටල් එකක් නේද දික් කරන්නේ............

"මන් එනවා පුලුවන් දුරක් පලයන් ........... "

මොකක්ද වුනේ පපුව.... දෙයියනේ බුලට් එකක් නේද......

"යුහන්ස යුහන්ස ඔයා හොදින් නේද යුහන්ස කතා කරපන්කො යුවේන් වරෙන් යකෝ......"

"මො මොකක්ද මේ වෙන්නෙ අයියේ........."

"මන් කිව්වා උබට එලියට ඔලුව දාන්න එපා කියලා මගුල... අවුලක් නැනේ උබ හොදින්නේ............"

පිටිපස්සෙන් ආව බුලට් එක කෙලින්ම ඇවිත් මන් හිටිය පැත්තේ සයිඩ් කණ්නාඩිය කුඩු වෙන්නම වැදුනා...... මට හිතන්න තප්පරයක් වත් වුනේ නෑ මගෙ ශර්ට් එකෙන් අල්ලලා යශ්මිත අයියා මාව ඇතුලට ඇද්දා........ මගෙ ජිවිතේ පලවෙනි වතාව මෙහෙම දෙයක් වුන.... ඉස්කොලෙ ස්පොර්ට් මීට් එක දවසේ ඉවෙන්ට් ස්ටාර්ට් කරද්දි හිච්චි වෙඩිල්ලක් පත්තු කරත් මාව ගැස්සලා යනවා....... යශ්මිත අයියා පොඩ්ඩක්වත් ස්පීඩ් එක අඩු නොකර එක අතකින් මගේ අත තද කරලා අල්ලගෙන අනික් අතෙන් ඩ්‍රයිව් කරනවා..... යුවේන් අයියත් බය වුනා මන් හිතන්නෙ එයා ෆෝන් එක කට් කලා.......... යකො මොකක්ද මේ වෙන්නේ.... එක්කො මූ මැරයෙක්ද....... පාතාලේ එකෙක්ද..... වෙලේ සුදා වගේ මූ වෙලේ යශ්මිතද.... උට්ට මොකක් හරි අරුන් තාම ෆලොව් කරනවා අපිව.........

"යශ්මිත අයියේ......."

මන් හිතන්නෙ මගෙ වොයිස් එක ගලපටලේ වගේ වෙවුලනවා... ගලපටලෙට වෙවුලනවද මන් දන්නෙ නෑ ඕන මගුලක් මේ වෙන්නෙ මොකක්ද කියලා විතරයි මට දැන ගන්න ඕන.....

"ඩෝන්ට් වොරි අයිම් හියර් ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ......"

"ඒ මගුලක් නෙවෙ මන් අහන්නෙ මොකක්ද මේ වෙන්නෙ කවුද ඒ ෆලොව් කරන්නෙ උබ පාතාල නායකයෙක්ද මිනීමරුවෙක්ද කියපන්කෝ මගුල.........."

"ජස්ට් ශට් අප් යුහන්ස......."

යකෝ මේ මන් හිතන් හිටිය පොත් ගුල්ලෙක් වගේ පොත් කියවන ඩිම්පල් බල්ලා නෙවේ .... මූ නම් මැරයෙක්ම තමා.......

"අයියෙ බලාගෙන .............."

මෙච්චර වෙලා පිටිපස්සෙන් ෆලොව් කරපු බයික් එක හිතුවෙවත් නැති විදියට කාර් එකට ඉස්සර කරලා හරස් වෙන්න ගහද්දි මන් යශ්මිත අයියගෙ අත තද කරලා බදාගත්තේ ඇස් දෙක පියාගෙනම..... මැරෙන්න මොහොතක් තියා.......... මගුල ඔලුව අස්සෙ සින්දුත් ප්ලේ වෙනවා..... අරුන් හැප්පුනේ නෑ ... මූ ගැහුවා බ්‍රේක් එක අම්මට සිරි වෙන්න.............ඊයා මන් ගැනි වගේ ඇස් පියන් මූව බදාගත්තා..........

"නතින්ග් හැපන්ඩ් ඔහොම ඉන්න......."

මොන හුක් මූ බහින්නද හදන්න්නෙ මන් හිතන්නෙ මේ පාලු ග්‍රවුන්ඩ් එක ලග ඔව් එතන තමා මන් වට පිට බැලුවම තේරුනා බයික් එකේ ඉන්න උන් දෙන්නා බයික් එකෙන් බැස්සා........

"තෝ බහින්න එපා එලියට ඇත්තමයි අයියේ උබ බැස්සොත් මා එක්ක තො ආයෙ කතා කරන්න එපා......"

"යුහන්ස මොකුත් වෙන්නෙ නෑ මන් කිව්වනේ යුවෙන් එනවා දැන් ...."

මූට ඒ තරම්ම සීකේ ජම්කියාව විශ්වාසද.....

මගුල එලියට යන්න එපා යකෝ උබ එලියට යවලා මට මේකේ ඇතුලේ ඉන්නත් බැනේ....... ම්හුක් අල්ලගෙන හිටිය අත යශ්මිත අයියා එක පාරක් තව තදින් මිරිකලා ඇස් දිහා බලන් ඩිම්පල් හිනාව දාලා බැස්සා එලියට......... ඒක හරි අමුතුයි මගුල වෙනදා වගේ නෙවෙ උගේ අද මේ හිනාවට නම් මට කිසිම හොදක් දැනුනේ නෑ.......ටැමිල් ෆිල්ම් එක්ක වීරයා එන්ටර් වෙනවා වගේ බැහැලා කාර් එක ඉස්සරහින් හිටගත්තම බයික් එකේ ආව උන් දෙන්නගෙන් එකෙක් යශ්මිත අයියා ලගට ඇවිල්ලා යශ්මිත අයියගෙ කොලර් එකෙන් ඇදලා අල්ලගත්තා..... ඔන්න ඔන්න මටත් ඉතිම් නගිනවා ඇහ් දැන් නම් උගේ කොලර් එකෙන් අල්ලන්නෙ මන් විතරයි පගෝ.................... මන් කෙලින්ම එලියට බහිනකොටම යශ්මිත අයියා මට කෑ ගැහුවා........

"උබට ඇතුලට වෙලා ඉන්න කියලා නේද මන් කිව්වෙ යුහන්ස පලයන් ඇතුලට........."

"ඔහ් හෝ කවුද මේ සූකිරියා........"

"සූකිරියා තොගේ අප්පා අතෑරපිය මුගෙ කොලර් එකෙන්........"

කොහෙන් ආව හයියක්ද මන්දා මන් එතෙන්ට ගිහින් යශ්මිත අයියගේ කොලර් එකෙන් අල්ලන් හිටිය එකාව පැත්තකට තල්ලු කරද්දිම යශ්මිත අයියා මාව එයාගෙ පිටි පස්සට කරගත්තා... මාව විසි වුනා වගේ එයා මාව පිටිපස්සට කරගන්නකොට.......... බයික් එක ලග හිටිය එකත් පිස්ටල් එක ලෝඩ් කරන් අපේ පැත්තට හැරුනා... මන් අරූව තල්ලු කරපු පාර ඌව අඩියක් විතර එහාට විසි වුනා.........

"යශ්මිත අයියේ අයින් වෙයන්........"

"මන් උබ ගැන පස්සෙ බලාගන්නම් යුහන්ස......"

මට එහෙම කියපු ඌ මාව තව ටිකක් කවර් කරන් මන් තල්ලු කරපු එකාව ඇදලා අරන් බෙල්ලෙන් අල්ලගත්තා.........

මගුල අරූ තාම පිස්ටල් එකෙන් ඒම් කරන්....... කට වහන් ඉන්න බෑ යකෝ මට කට නලියනවා.......

"කොන්ද පන තියේ නම් ෆේස් ටු ෆේස් වරෙන් ඔය මගුල අයින් කරලා අතින් පයින් නම් අතින් පයින් වරෙන්..........."

මන් ආයෙම මැද්දට පැනගෙන කිවම යශ්මිත අයියා මාරාන්තික බැල්මක් දැම්මා මගුල...... ඒත් අරු පිස්ටල් එක ඉනේ ගහන් මගෙ පැත්තට ආවා..............

"යශ්මිත අයියේ බලාගෙන....."

අරූ මගෙ පැත්තට එන ටිකට යශ්මිත අයියා අල්ලන් හිටිය එකා යශ්මිත අයියට ඇටැක් කලා..... පාරෙ බලු බල්ලෙක් නෑ යශ්මිත අයියා වාහනෙන් බහිනකොට ඔන් කෙරුව හෙඩ් ලයිට් එක ඇරෙන්න.....

"ආහ් අතින් පයින් නේහ් උබ ඉල්ලන් සම්බුව කන්න හදන්නෙ වරෙන් එහෙනම්........."

බල බල ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ දෙන්නම එකතු වෙලා අරුන්ට නෙලන්න ගත්තා........ ඌප්ස් මටත් වඩා දස්සයා වගේ යශ්මිත අයියා........ මාත් ඉස්කොලෙදි වූශූ බූශූ කරාටි ගුජරාටි ඔක්කොගෙම ඉන්නවා කිසිම වැඩක් නොකරට ඕවගෙ අහු වෙන අතට අරුට මන් කෙලල ඇරියා.... තත්වේ බර බතලයි මට මූව මේන්ටේන් කර ගන්න අමාරුයි.....

ෆයිට් කරද්දිම තෙරෙනවා මුන් දෙන්නම යශ්මිත අයියලාගෙ වයසේ වගේ කොල්ලො දෙන්නෙක් කියලා නම්......... ඒත් මොන මගුලක්ද මන් ගහන හැම පාරක්ම මූ මග අරිනවා මිසක් එක පාරක්වත් මූ මට තදින් ගැහුවේ නෑනේ මගුල............

"කියපන් උබලට මොනවද ඕන මගුලටද උබලා ෆලොව් කලේ........"

යශ්මිත අයියා නොකියන එක මන් උබලගෙන්ම දැනගන්නම්කො..... මන් දැක්කා මන් මූගේ බෙල්ලෙන් තද කරන් වාහනේට හේත්තු කරන් මුගේ අනාගතේට කකුල නමලා හොද පාරක් එල්ල කරලා අහද්දි යශ්මිත අයියා ක්ශනික මගෙ පැත්ත බලනකොටම කන හරහට ශොට් එකක් වැදුනා.... උප්ත කරන්න දෙයක් නෑ......

"යශ්මිතයා බොසාව මරන්න නටනවා ඌ උගේ සිමාවේ ඉන්න ඕන ඌ කවුද වලිසිං............."

"කට වහපිය පාහරයා තියනවා දැනගනිම් ඔලු කට්ට කුඩු වෙන්න තොට..... තොපි දෙන්නෙක් නෙවෙ දෙකට දාහක් ආවත් ඕකව පොලොවට මන් පස් කරන එක නවත්තන්න කාටවත් බෑ යකෝ.........."

මොන හු.... යශ්මිත අයියා අරූට ගහලා ගහලම බිම දාලා මන් ලගට ඇවිල්ලා මාව අහකට තල්ලු කරලා මන් අල්ලන් හිටිය එකාගෙ පිස්ටල් එක ඇදලා අරන් උගේ ඔලුවටම තියලා බෙල්ලෙන් අල්ලගත්තා.....

"යශ්මිත තෝ දන්නෙ නෑ යකෝ හරියටම වුන දේ පිස්සු කෙලින්නෙ නැතුව ආපහු රට පලයන්.........."

"මගෙ අත් වල තොගේ ලේ ගා ගන්න මන් කැමති නෑ දිනෙත් පින්සිද්ධ වෙයි ටිරොන්ව අරන් පලයන් මෙතනිම් .... මන් තොපි දෙන්නා වගේ වලිසිංහයාගෙ කටු කන බල්ලෙක් නෙවේ යකෝ... අන්න ඒක හොදට මතක තියා ගනිම්..... "

මොන හුයන්නක්ද මේ..... මූ මේ කියන්නෙ වලිසිංහ ඇමතියා ගැන නෙවෙනේ..........

"මටත් තෝව මරන්න තොගේ ලේ මේ අත් වල ගාගන්න ඕන නෑ යකෝ...."

"මොන රෙද්දටද තෝ ආවේ එහෙනම්......."

මොන හුයන්නක්ද මෙච්චර වෙලා ගහ ගත්තේ ඇයි එහෙනම් ඒඑව් මෝඩ පගයලා මුන් ඔක්කොම........

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now